උසස් පෙළ සටන අද සිට​

අද  ඇරඹෙන 2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. නව විෂය නිර්දේශය යටතේ සිසුන් 236,025 ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ සිසුන් 41,646 ක් වශයෙන් සිසු සිසුවියන් 2 77,671 දෙනෙකු ඊට ඉදිරිපත්වීමට නියමිතය. විභාග කටයුතු පරිපාලනය සඳහා 14,000 ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාගය සදහා මුද්‍රණය කර ඇති මුලු ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාව ලක්ෂ 52 කි.

ඒ අතර උසස් පෙළ විභාග වංචා කරන්නන් සහ අනුබල දෙන්නන්ට විභාග පනත යටතේ මෙන්ම සාමාන්‍ය නිතිය යටතේ ද දඩුවම් පමුණුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එවැනි පැමිණිලි ඉදිරිපත් කිරිමට විශේෂ දුරකතන අංක වෙන්කර ඇති බවයි.

ක්ෂණික ඇමතුම් 1911 අංකයට පැය 24 පුරාම පැමිණිලි දැනුම්දිය හැකිය.

011 2 784208 සහ 011 2 784537 යන දුරකතන අංක ඔස්සේ පාසල් විභාග සංවිධාන ශාඛාවට ද එම පැමිණිලි දැනුම්දීමේ හැකියාව පවතී.

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...