උසස් පෙළ සිසුන්ගෙන් සිසුවියකට බසයකදී හිරිහැර August 20, 2013 Comments Off on උසස් පෙළ සිසුන්ගෙන් සිසුවියකට බසයකදී හිරිහැර 2 Views කොළඹ සිට හෝමාගම දක්වා ධාවනය වූ බසයකකදී, උසස් පෙළ විභාගය ලියා ගෙදර යමින් සිටි සිසුවියකට තර්ජනය කර පැහැර ගැනීමට තැත්කළ බව කියන සිසුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උසස් පාසලක සිසුවියක් මෙලෙස පැහැර ගැනීමට තැත් කර ඇති අතර ඇයට පහරදීමක්ද සිදුව ඇතැයි පොලීසිය පවසයි. සිද්ධියට සම්බන්ධ සිසුන් දෙදෙනා හා ඔවුන්ගේ මිතුරන් බව කියන තිදෙනෙකු ද ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. උසස් පෙළ විභාගය නිම වූ පසු මොවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිතය. Share featured Latest pretty cool slider spotlight 2013-08-20 ceylonradio Share Facebook Twitter Google + Pinterest