19.1 C
London
Thursday, June 19, 2025
spot_img

උසාවි නියෝග කැඩූ අන්තරේ ලොක්කා අත්අඩංගුවේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ජනතාව අපහසුතාවට පත්වන අයුරින් හා මාර්ග අවහිර වන සේ විරෝධතා පැවැත්විය නොහැකි බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත්කර තිබූ වාරණ නියෝගයක් උල්ලංඝණය කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල ප‍්‍රකාශකයෙකු පැවසුවේ පොලීසිය සහ සිවිල් අඳුමින් සැරසී පැමිණි පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගත්තේ අද දහවල් කොළඹ කොටුවේ පැවති විරෝධතාව අවසන්වී ජයවර්ධනපුර සරසවියට යමින් සිටියදී කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයේදී බවය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles