ජීවිතේ ලැබිය හැකි දුර්ලභ අවස්‍ථාවක් වන, ඔලිම්පික් ගිනිසිලුව රැගෙන යාමට දායක වු අපේ ලාංකික කොල්ලෙක් එංගලන්තයේදී හමුවුනා. ඔහුගේ නම සුරේශ් කෝරලගේ (34).දස දහස් ගණනින් එංගලන්ත වැසියන් අතර, ඔලිම්පික් ගිනිසිලුව අතින් අතට මාරුවී යන අතරතුර තුර, සුරේශ් රැකියාව කල එංගලන්තයේ ඇස්ඩා (Asda) ආයතනය නියෝජනය කිරීමේ මහගු අවස්තාව මෙම තරුණයාට ලැබී තිබෙනවා.
ඇස්ඩා යනු, ලොව අංක එකේ සුපිරි වෙළෙඳ පොළවල් ජාලාවකට හිමිකම් කියන,Walmart නම් ආයතනයේ එංගලන්ත ශාඛාවයි.
මෙම ආයතනය තුල, එංගලන්තයේ පමනක්, සේවකයන් ලක්‍ෂ ගනණක් සේවය කලත්, මෙම විරල අවස්තාව ලාංකිකයෙකු වන මොහුට ලැබී තිබීම විශේෂයක්. මක්නිසාදයත් ජාති කුල ආගම් වලට නතු නොවී, අවස්තාව ලැබිය යුත්තාට ලැබීම් තිබීමයි.
ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට දින කිහිපයකට පෙරදී ගිනි සිලුව උසුලා ගෙන ගිය සුරේශ් පවසා සිටියේ තමා ලද මෙම විරල අවස්ථාව තමාට මෙන්ම, තම රටට ද ගෞරවයක් බව සිලෝන් රේඩියෝ අපට ප්‍රකාශ කර සිටියා.