සෙල්කොන් කුසලාන තරගාවලියේ අවසන් තරගය පරාජය වූ නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම හේතුවෙන් තවදුරටත් ශ්‍රේණිගත කිරීම් අතරේ පස්වැනි ස්ථානය ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
ක්වීන්ස් පාක් ඕවල් පිටියේදී ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් තරගය පරාජය වීමත් සමගම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 107 ක් දක්වා පහළ වැටුණ නමුත් ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම සඳහා වසර 2010 ජූලි 31 වැනිදාට පෙර පැවැති තරග ඉවත් කිරීම නිසා ශී‍්‍ර ලංකා පිලට නැවතත් ප‍්‍රසාද ලකුණු 108 ම රඳවාගත හැකි විය.
එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්
(2013 වාර්ෂික යාවත්කාලීන කිරීමෙන් පසු)
ස්ථානය වෙනස කණ්ඩායම ප‍්‍රසාද ලකුණු
1 ඉන්දියාව 122
2 (+1) ඕස්ටේ‍්‍රලියාව 114
3 (-1) එංගලන්තය 112
4 දකුණු අප‍්‍රිකාව 110
5 ශ‍්‍රී ලංකාව 108
6 පකිස්ථානය 101
7 බ. ඉ. කොදෙව් 90
8 නවසීලන්තය 89
9 බංග්ලාදේශය 76
10 සිම්බාබ්වෙ 55
11 අයර්ලන්තය 39
12 (+1) නෙදර්ලන්තය 13
13 (-1) කෙන්යාව 10
Source:-Lankadeepa