13.1 C
London
Thursday, May 15, 2025
spot_img

එඩ්වඩ් ජයකොඩිගේ දියණිය සාරාණ්‍යා, ඉරානයේ ළමා චිත්‍රපට උළෙලට

ෆැරැබි ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල සඳහා ජූරි සභිකයන් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී යුවළගේ දියණිය වන සාරණ්‍යා ජයකොඩි සහ ස්ටෙෆන් ෆර්ඩිනන්ස් හට හිමි වී ඇත. සෝමරත්න දිසානායකගේ ‘සිරි රජ සිරි’ චිත්‍රපටයේ ප්‍රධාන ළමා නිළි චරිතයට පණ දුන් සාරණ්‍යා උදයකාන්ත වර්ණසූරියගේ හිරිපොද වැස්ස චිත්‍රපටයේ සහ නාලන් මෙන්ඩිස්ගේ ‘සූරිය දරුවෝ’ සහ ‘ඉසුරු සංග්‍රාමය’ ටෙලි නාට්‍යවලට ද රංගනයෙන් දායක වූවාය.

වසරක් පාසා ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වෙන මෙම ලෝක ළමා චිත්‍රපට උළෙල සඳහා ශ්‍රී ලංකාව නියොජනය කරමින් මීට පෙර සහභාගී වීමට නිත්‍යවානී කන්දසාමී, ප්‍රමුදි කරුණාරත්න, සරලා කාරියවසම්, තාරක හෙට්ටිආරච්චි සහ සඳලි වැලිකන්න වරම් ලැබූහ. මෙවර ෆැරැබි ජාත්‍යන්තර ළමා චිත්‍රපට උළෙල ඔක්තෝබර් 04 වැනි දා සිට 15 වැනි දා දක්වා ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත් වුයේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles