12.6 C
London
Thursday, May 15, 2025
spot_img

එදා විශාඛාවට ලබා දුන් අවවාද අදටත් වලංගු ද​?

විශාඛාව සිය සැමියගේ නිවස බලා පිටත් වීමට පෙර සිය පියානණ් විසින් දුන් වටිනා ඔවදන් අද සමාජයටත් වලංගුද යන්න තීරණය කරන ලිපියක් මෙහි දැක්වේ.

මෙම වටිනා ඔවදන් අද අපගේ ග්‍රුහනියන් නිසිපරිදි පිලිපදිනවා ද යන්න සොයා බලනවාට වඩා මෙම ඔවදන් පිලිබඳ දැනීමක් තිබෙනවාද යන්න සොයා බැලීම වදගත් වේ.එම නිසා සියලුම මිනිස් වර්ගයාගේ හිත සුව පිනිස මෙම ලිපිය Ceylonradio තුලින් මේ පුන් වෙසක් පොහෝ දින ඔබ සැම වෙත තිලිණ කරයි.

01 – අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ – ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න.
තේරුම (- තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න.
02 – බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ – පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න.
තේරුම (- තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න.
03 – යේ දදන්ති තේසං යේව දාතබ්බං – දෙන අයට ම දෙන්න.
තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න.
04 – යේ න දෙන්ති, තේසං න දාතබ්බං – නො දෙන අයට නො දෙන්න.
තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නො දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට ඒවා දීමෙන් වළකින්න.
05 – දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බං – දෙන අයටත් නො දෙන අයටත් දෙන්න.
තේරුම (- දිළිදු වූ යම් කිසිවෙක් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ඔහු ආපසු දුන්නා හෝ නො දුන්නා හෝ දන් දෙන්න.
06 – සුඛං නිසීදිතබ්බං – සුවසේ හිඳගන්න..
තේරුම(- සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අය ±ක නැගිටිය යුතු තැන් වල හිඳගෙන සිටීමෙන් වළකින්න.
07 – සුඛං භුඤ්ජිතබ්බං – සුවසේ අනුභව කරන්න.
තේරු ම(- සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුලූ වැඩිහිටි අයට ප්‍රථමයෙන් කෑම ගැනීමෙන් වළකින්න. ඒ අයට ආහාර පානාදිය සපයා ඒ කටයුතු සොයා බලා ඉන්පසු ව ආහාර ගන්න.
08 – සුඛං නිපජ්ජිතබ්බං – සුවසේ සැතපෙන්න.
තේරුම (- සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ප‍රථමයෙන් නිදා ගැනීමෙන් වළකින්න. ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගන්න.
09 – අග්ගි පරිචරිතබ්බෝ – ගිනි පුදන්න
තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ත් ගෞරව බුහුමන් දක්වන්න.
10 – අන්තෝ දේවතා නමස්සිතබ්බා – ඇතුළත දෙවිවරුන් හට පුද සත්කාර කරන්න.
තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු පවුලේ වැඩිහිටි අයට ත් දෙවියන් සේ සළකා පුද සත්කාර කරන්න.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles