ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සංවිදානය කල එල්ලේ තරගයක් මීට දින කීපයකට පෙර පැවතුනා. හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට ගෙනයාමේ අරමුණින් පැවතුනු මෙය සංවිධානය කලේ , අතුල දස්සින බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානය සහ ශ්‍රී ලංකා යුත් නම් සංවිධාන එකතුවයි. එක කණ්ඩායමකට දස දෙනෙකු බැගින් සහභාගී වූ, කණ්ඩායම් රාශියක් මෙදින සාමකාමීව සහ ඉතාමත් විනෝදයෙන් තරග කරනා ආකාරය සිලෝන් රේඩිඕ මාධ්‍ය කණ්ඩායමට දක්නට ලැබුනා.
එලෙසම ශ්‍රී ලාංකිකයන රාශියක් මෙදින හෙයිස් නගරයේ ලිට්ට්ල් හර්ලින්ඩ්ම් නම් ක්‍රීඩා පිටියට පැමිණ සිටියේ ක්‍රීඩා කරන්නට පමණක් නොව තම යහළු යෙහෙලියන් හට උපරිම ධෛර්ය ලබා දී ඔවුන් දිරි ගන්වන අරමුණින්. නොයෙක් වර්ගයේ ශ්‍රී ලාංකික කෑම හා රසකැවිලි වලින් පිරී ගොස් තිබු මෙම ක්‍රීඩා උළෙල කාටත් සතුට ලබාදුන් අවස්තාවක් උනා. ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිශ් නෝනිස් මහතා ඇතුළු නොයෙක් සම්භාවනීය ඇත්තන් රාශියක් සහභාගී වූ මෙම ක්‍රීඩා උත්සවය කාගේත් පැසසුමට ලක්වූ බව පෙනෙන්නට තිබුනා.