11.3 C
London
Friday, May 16, 2025
spot_img

එළුවන් 750ක් හා කුකුළන් 300ක් – යාපනයේ කෝවිලක මහා සත්ව බිලි පූජාවක්

එළුවන් හා කුකුළන් දහසකට අධික සංඛ්‍යාවක් බිලි දෙමින් කරන ලද මහා පූජාවක් පිළිබදව පුවතක් යාපනය කන්කසන්තුරේ කවුනාවත්ත නම් කුඩා ගම්මානයෙන් වාර්තා වේ. පසුගිය මැයි 01 වැනිදා පවත්වා ඇති මෙම මහා බිලි පූජාවට එළුවන් 750ක් හා කුකුළන් 300ක් බිලි දී ඇත.

නරසිම්හ වයිරවර් නම් පුරාණ හින්දු කෝවිලේදී පැවැත්වූ මේ මහා බිලි පූජාවට ඉතා හොඳින් වැඩුණු එළුවන් රැගෙන විත් ඇති අතර පාන්දර යාමයේ ආරම්භ වූ බිලි පූජාව එදින පුරා පවත්වා ඇත. එම ගම්මානයේ වැසියන් මීට පෙර වර්ෂවලදී ද නොකඩවා මේ සත්ත්ව බිලි පූජාව පවත්වා ඇති බව වාර්තා වේ. බිලි පූජාවට සඳහා සතුන් රැගෙන ආ හින්දු භක්තිකයන් වසර කීපයක සිට ඔවුන්ගේ නිවෙස්වලම බිලි පූජාව සඳහාම මේ සතුන් ඇති දැඩි කර ඇත. යාපනය අර්ධද්වීපයේ විවිධ ප්‍රදේශවල සිට අත්ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් වැනි වාහන උපයෝගී කරගෙන පෙරහරින් කෝවිල වෙත මෙම සතුන් රැගෙන පැමිණෙන ආකාරය මෙම ඡායාරූප වලින් දැක්වේ.

නරසිම්හ වයිරවර් කෝවිලේ ප්‍රධාන දේව මන්දිරය ඉදිරිපිට පැවැත්වූ මහා බිලි පූජාව අවසන් වූ වහාම හිස ගසා මරා දමන ලද සතුන්ගේ මළ සිරුරු සියල්ල කෝවිලේ එක් ස්ථානයකට ගොඩ ගසා වෙන්දේසියේ විකුණා ඇත. වෙන්දේසියේදී සමහර හොඳින් වැඩුණු එළුවන් රුපියල් ලක්‍ෂයක් වැනි ඉහළ මුදලකට ධනවත් හින්දු භක්තිකයන් විසින් මිලදී ගෙන තිබේ.

අනතුරුව මරා දමන ලද එළුවන් හා කුකුළන්ගේ මස්වලින් පිසින ලද ආහාර එදින කෝවිල මඟින් හින්දු බැතිමතුන් අතර බෙදාදී ඇත. මේ කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන මහා සත්ත්ව බිලි පූජාවට එරෙහිව මීට වසර ගණනකට පෙර මල්ලාකම් දිස්ත්‍රික් උසාවියේ නඩුවක්ද පවරා ඇති බවත් එහෙත් උතුරේ සමහර ජන කොට්ඨාස අතර සතුන් බිලිදීමේ පූජාව කලක පටන් පැවැත එන්නක් බවත් එයට නතර කිරීමට මෙවන් සුළු උත්සාහයකින් නොහැකි බවත් වාර්තා වේ.

vairavar_velvi_001 vairavar_velvi_002 vairavar_velvi_003 vairavar_velvi_004 vairavar_velvi_005

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles