වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු නො වූ අතීතයේ දී සමාජය තුළ ලාදුරු රෝගීන්ට හිමි ව තිබූ තැන මෑත අතීතයේ දී ඒඩ්ස් රෝගීන්ට හිමි වූ බව කිව හොත් එය අතිශයෝක්‌තියක් නො වේ. මීට එක් හේතුවක් වන්නේ ඒඩ්ස් යන්න මාරක ආසාදන රෝගයක් ලෙස ජනතාව හ`දුනාගෙන සිටීමයි. එවැනි රෝගීන් පිළිකුල් හා ප්‍රතික්‌ෂේප කරනු ලැබීමට හේතු වූ තවත් කරුණක් නම් ඒඩ්ස් වැළඳෙන්නේ වැරැදි ලිංගික ඇසුර නිසා ය යන මතය සමාජය තුළ මුල් බැසගෙන තිබීමයි. මේ නිසා ම ඒඩ්ස් යනු දෙවියන් වහන්සේ දුන් ද`ඩුවමක් ය යන මතය ද ඇතැම් ජන කොටස් තුළ මුල් බැසගෙන තිබිණි. එනිසා ම ඒඩ්ස් රෝගයට කිසිදු පිළියමක් සොයා ගත නො හැකි ය යන විශ්වාසය ද ඔවුන් තුළ විය. එහෙත් නවීන විද්‍යාව තුළින් ඒඩ්ස් රෝගයට පිළියම් සෙවීමේ අනවරත උත්සාහය හා ඒඩ්ස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රචාරක වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස දැන් දැන් මේ මතයන් වෙනස් වීමට පටන් ගෙන තිබේ. මේ ලිපිය ඒඩ්ස් සඳහා පිළියම් සෙවීම පිළිබඳව කෙරෙන විද්‍යාත්මක විමසුමකි.
මේ වන විට බොහොමයක් භාෂාවන්හි ව්‍යවහාරයට එකතු වී ඇති වචනයක් වන ඒඩ්ස් යන්න ඉංග්‍රිසි භාෂාවේ කෙටි යෙදුමකි. ඒ සඳහා ඇති සිංහල යෙදුම නතු කරගත් ප්‍රතිශක්‌ති ඌනතා සහලක්‍ෂණය (Acquired Immuno – Deficiency Syndrome – AIDS) යන්නයි. මේ රෝගය ඇති වනුයේ ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස RNA ඇතුළත් රෙට්‌රොවයිරස (Retro Virus) කාණ්‌ඩයට අයත් වයිරසයකිනි. මෙය මානව ප්‍රතිශක්‌ති ඌනතා වයිරසය (Human Immuno-deficiency Virus) හෙවත් HIV ලෙස හඳුන්වයි. වසර 1997 දී ලෝකයේ HIV නව ආසාදන සංඛ්‍යාව උච්චතම අවස්‌ථාවට පත් වීමත් සමග ම ඒ පිළිබඳව මු`ඵ ලෝකයේ ම අවධානය වැඩි වැඩියෙන් යොමු විය. එසේ ම පසුගිය කාලය තුළ ලෝකයේ ඛොහො රටවල විශේෂයෙන් උප සහරානු අප්‍රිකානු රටවල (Sub-
Saharan African countries) ශීඝ්‍රයෙන් රෝගය පැතිරීම නිසා AIDS රෝගය වසංගත තත්ත්වයක් දක්‌වා වර්ධනය විය. AIDS වසංගතය මර්දනය කිරීමට බොහෝ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන විසින් පසුගිය දශක තුන තුළ මහත් පරිශ්‍රමයක් දරන ලදී.