14.9 C
London
Friday, April 25, 2025
spot_img

ඔබේ සුරතල් බල්ලාගේ ක්ලෝනය පිටපතක් ඩොලර් ලක්‍ෂයකට

ඔබ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු නම් ඔබේ සුරතල් බල්ලාගේ ක්ලෝන පිටපතක් සඳහා 70%ක වට්ටමක් ලබාදීමට දකුණු කොරියානු ජෛව තාක්ෂණික ආයතනයක් සූදානමින් සිටී.

සූආම් බයෝටෙක් සමාගම පවසන අන්දමට ඔබ කළ යුත්තේ ඔබේ බල්ලාගේ ඡුායාරූප වීඩියෝ ඇතුළත් වචන 500ක රචනාවක් ඔබේ බල්ලාගේ ක්ලෝන පිටපතක් ඔබට අවශ්‍ය ඇයි? යන තේමාවෙන් ජුලි 1වනදිනට පෙර ඉදිරිපත් කිරීම පමණක් වේ.

නමුත් මෙම තරඟයේ ඇති එක් කොන්දේසියක් වන්නේ තරඟයේ ජයග‍්‍රාහකයා මාධ්‍ය හමුවට ඉදිරිපත් විය යුතු වීමයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ වැඩිම පාරිභෝගිකයන් ප‍්‍රමාණයක් හිමි සූආම් සමාගම වසර ගණනාවක් පුරා සුරතල් සතුන් ක්ලෝනකරණය සඳහා ජනප‍්‍රිය වී ඇති ආයතනයකි.

ඔවුන් සුනඛයන්ට අමතරව වෘකයන් සහ කෝයෝට් ආදී සුනඛ කුලයේ සතුන් මීට පෙර ක්ලෝනීකරණය කර තිබෙන අතර අධි ශීත කළ වර්ණදේහ භාවිතයෙන් කෙණරකගේ කුස තුළ වඳවී ගිය මැමත් කළලයක් පිළිසිඳවීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බව පසුගිය වසරේදී වාර්තා විය.

සුනඛ ක්ලෝනකරණ ක‍්‍රියාවලියේදී සජීවී සුනඛයකුගෙන් ලබාගනු ලබන චර්ම ෙසෙලයකින් වෙන්කරගනු ලබන වර්ණදේහ වෙනත් සුනඛයෙකුගේ බීජ ෙසෙලයක තැන්පත් කිරීමෙන් අනතුරුව සුනඛ කුසක තැන්පත් කරනු ලැබේ.

මාස දෙකකින් පසු ක්ලෝන සුනඛ පැටවා පාරිභෝගිකයන්ට හිමිවන අතර මේ සඳහා වෙළඳපොළ මිල ඇමරිකානු ඩොලර් ලක්ෂයක් පමණ වේ.

කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ පෙනුම පිටපත් කළ හැකි වුවත් ඔබේ සුරතලාගේ ගති ගුණ පිටපත් කිරීම නොකළ හැක්කක් බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles