14.8 C
London
Friday, May 23, 2025
spot_img

ඔලිම්පික් ක්‍රීඩාවලියටත් අගෞරව කරන කොටි හිතවාදීන්

මේ දිනවල ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරඟය අතරතුර ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතා කණගාටුදායක ක්‍රියාකලාපයක් සිදු වෙමින් පවතී. ඊයේ ඔලිම්පික් ගම්මානයට ගිය අප කණ්ඩායමට දැකගත හැකි වූයේ මුළු ලොවටම පිළිලයක් වූ LTTE ආධාරකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලංකා රජයට පමණක් නොව මුළු රටටම විරුද්ධව කරගෙන යනු ලබන අසත්‍යය ප්‍රචාරණ වැඩ පිළිවෙලයි.

කණගාටුදායකම සිදුවීම වනුයේ ඔලිම්පික් තරඟාවලියේ මූලික ගුණාංග වන සාමය, සමගිය හා සහෝදරත්වය පිළිබඳ කිසිඳු තැකීමක් නොකර තම පටු අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ අටියෙන් කැඩී බිඳී තිබෙන LTTE සංවිධානයට මොවුන් මුදල් ඉපයීමට මාන බලන අන්දමයි.

අත්පත්‍රිකා බෙදමින් සිටි මොවුන් පිලිබඳ අප විදේශික තරඟ නරඹන්නන්ගෙන් කල විමසීමකදී ඔවුන් කියා සිටියේ මෙම ක්‍රියාව එම අවස්ථාවට කිසිසේත් නොගැලපෙන බවත් එමඟින් ක්‍රීඩාවලියටද අගෞරවයක් සිදු කරන අතර තුර රට තුළ කුමන අභ්‍යන්තර ප්‍රශ්න පැවතියත් මෙවන් ජාත්‍යන්තර මට්ටමේ නියෝජනයකදී මෙම සිදුවන ක්‍රියාවලිය ඉතා නින්දිත බවත්‍ ය.

  

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles