ඔලිම්පික් ලෝක වාර්තාවක්

ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවට හිමි වාර්තාව තමන් සතු කර ගැනීමට අමෙරිකානු පිහිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් සමත්ව තිබේ.

මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමත් සමඟ ඔහු ඔලිම්පික් තරගවල දී දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව පෙල්ප්ස් මේ වන විට ලබා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 20 කි.

පෙල්ප්ස් මෙලෙස බිඳ ඇත්තේ මීට පෙර රුසියානු ක්‍රීඩිකා ලැරීසා ලැටිනිනා පදක්කම් 18 ක් ලබාගනිමින් තැබූ වාර්තාවයි.

මේ අතර ඔලිම්පික් උළෙලේ හය වන දිනය නිමා වන විට චීනය සමඟ සමතැන් ගැනීමට අමෙරිකාව සමත්ව ඇත.

චීනය රන් පදක්කම් 18 ක්, රිදී 11 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගෙන ඇති අතර අමෙරිකාව රන් පදක්කම් 18 ක්, රිදී 9 ක් සහ ලෝකඩ 10 ක් දිනාගැනීමට සමත් වීය.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...