නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යමින් සිටි පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (13) දහවල් බහුදින ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි මෙම පිරිස ත්‍රීකුණාමලය මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවන් පස්දෙනෙකු සහ කුඩා ළමුන් පස්දෙනෙකු ද වන බව ඔහු පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට ත්‍රීකුණාමලය වරායට ගෙනවිත් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.