14.3 C
London
Sunday, December 7, 2025
spot_img

ඔස්ට්‍රේලියාවට පනින්න හැදු තවත් 41 ක් කොටුවෙයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යමින් සිටි පුද්ගලයින් 41 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (13) දහවල් බහුදින ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි මෙම පිරිස ත්‍රීකුණාමලය මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවන් පස්දෙනෙකු සහ කුඩා ළමුන් පස්දෙනෙකු ද වන බව ඔහු පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට ත්‍රීකුණාමලය වරායට ගෙනවිත් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles