ඔස්ට්‍රේලියාවේ කැන්ගරුන් වැඩිවෙලා ජාතික සතාට වෙඩිතබා මරා දමති

පසුගියදා ඔස්ට්‍රේලියාවේ කැන්බරා ප්‍රදේශයේ කැන්ගරුන් 1149 දෙනෙක් සහ කැන්ගරු පැටවුන් 355 දෙනෙකු වෘත්තීමය වෙඩික්කාරයන් විසින් වෙඩි තබා මරා දමන ලදී.

මෙසේ කරන ලද්දේ කැන්ගරු ගහනය අධික වීමෙන් ඔවුන්ට කෑමට ඇති තණ කොළ සහ අනෙකුත් ශාක වර්ග වඳවී යාමේ අවධානමක් දැන් උද්ගත වී ඇති නිසාවෙනි.“මේ ඉවත් කිරීම සිදු කළාට පසු කැන්බරාවල තිබෙන ස්වභාවික කැලෑ 7 ක දැනට සිටින අළු පැහැති කැන්ගරු ගහනයට කැලෑවල තිබෙන ආහාර ප්‍රමාණය ගැලපෙනවා.” මෙසේ පැවසුවේ උද්‍යාන සහ සංරක්ෂණ සේවා ආයතනයේ අධ්‍යක්ෂ ඩැනියෙන් ඉග්ලසියාස් මහතායි.

කැන්ගරුන්ගේ ගහනය වැඩිවීම ඔස්ට්‍රේලියාවේ වෙනත් කැලෑ ප්‍රදේශවලටද විශාල ගැටලුවක් වී ඇති බව පවසන්නේ නාගරික සභා ඇමැති ෂේන් රට්න්බේරි මහතායි. මරා දැමීමට අමතරව වර්ධනය පාලනය කිරීමට වෙනත් ක්‍රම සෙවිය යුතු බව ඔහු පවසයි.

ඔස්ට්‍රේලියාවේ නිපදවන කැන්ගුරු මස්වලින් 70% ක් පිටරටවලට ආනයනය කරනු ලැබේ. ප්‍රධාන පාරිභෝගික රටවල් ව‍න්නෙ ප්‍රංශය සහ ජර්මනියයි.

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල්වලින් කැන්ගරු මස්, ඇඹරූ කැන්ගරු මස් මෙන්ම කැන්ගරු සොසේජස්ද මිලට ගත හැක.

ශ්‍රී ලංකාවේ සිංහයා මෙන් ඕස්ට්‍රේලියාවේ ජාතික සතා කැන්ගරුවා වේ. තමන්ගේ ජාතික සතා ආහාරයට ගන්නා එකම රට ඔස්ට්‍රේලියාවයි.

සිසිල් ෆොන්සේකා – ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...