ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් අතරමංවෙලා-28 ක් බේරා ගැනෙති

0
219

ඕස්ට්‍රේලියාවට යාමට ගොස් මුහුදේ අතරමංව සිටි පුද්ගලයින් 28 දෙනකු නාවික හමුදාව විසින් බේ‍රාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 300 ක් පමණ දුරින් මෙම පිරිස ගමන්ගත් යාත්‍රාව අනතුරට පත්ව තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ‍කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා සඳහන් කළේය.

වෙළෙඳ නෞකාවක් මාර්ගයෙන් අදාළ පුද්ගලයින් බේරාගැනීමට කටයුතු කළ අතර පසුව නාවික හමුදා නෞකාවකින් ඔවුන් අද (29) උදෑසන ගාල්ල වරායට ගෙන ආ බව නාවික හමුදාව පවසයි.

මෙම පිරිස ජූලි මස 13 වන දින වාලච්චේන ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාව බලා යාමට පිටත්ව ගොස් තිබේ.

කාන්තාවන් සිව් දෙනෙකු සහ කුඩා පිරිමි ළමයෙකුද මේ අතර වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වරුණකුලසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
News-Adaderana-