ලෝකයේ බොහෝ රටවල මත්ද්‍රව්‍යය ජාවාරමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටියදීම ඇතැම් මත්ද්‍රව්‍ය සඳහා නව පිළිගැනීමක් නිර්මාණය වෙමින් තිබේ. එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වතාවට එරට වැසියන්ගෙන් බහුතරය කංසා නමැති මත්ද්‍රව්‍ය නීතිගත කිරීම සඳහා කැමැත්ත පළකර ඇත. සමීක්ෂණයක් මගින් හෙළිදරව් වූ මෙම සිදුවීම ඉකුත් සතියේ විදේශීය මාධ්‍ය තුළ යම් කතා බහක් නිර්මාණය කිරීමට සමත්විය. දශක 4 ට වැඩි කාලයක් තිස්සේ රටේ ගැටලු පිළිබඳ විධිමත් පර්යේෂණ හා සමීක්ෂණ සිදුකරන පිළිගත් ආයතනයක් වන එරට Pew සමීක්ෂණ කේන්ද්‍රය(Pew Research Center) විසින් මෙම කරුණු අනාවරණය කර තිබීම නිසා එය හිතළුවක් ලෙස සලකා ඉවතදැමීමට කිසිවෙකුටත් හැකියාවක් ද නැත.
ඒ අනුව එරට ජනයාගෙන් 52% ක් කංසා නීතිගත කළ යුතු බවට විශ්වාස කරන අතර 45% ක් එසේ නීතිගත කිරීම නොකළ යුත්තක් බවට ස්වකීය මතය ප්‍රකාශයට පත්කර තිබේ. 60 දශකය හා සසඳා බලන විට එය එක්සත් ජනපද ඉතිහාසයේ දෛවයේ සරදමක් බඳුය. සුප්‍රසිද්ධ Gallup සමීක්ෂණයට අනුව 1969 වසරේදී කංසා නීතිගත නොකළ යුතු බවට 84% ක පිරිසක් ස්වකීය මතය ප්‍රකාශ කරද්දී එය නීතිගත කළ යුතු බවට අදහස් පළකොට ඇත්තේ 12% ක් වැනි සුළු ප්‍රතිශතයකි. එහෙත් 2010 වසරේ සිට ඊට සහය පළකරන ප්‍රතිශතය බොහෝ සෙයින් වර්ධනය වී ඇති බව දත්ත විශ්ලේෂණයෙන් පෙනී යයි. වසර 3 ට ඉහතදී කංසා නීතිගත කළ යුතු බවට වන යෝජනාවට සහය පළකර ඇත්තේ 41% ක් වැනි පිරිසක් පමණි.
අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රාන්ත රජයන්(ජනපද) 2ක් මේ වන විටත් කංසා නීතිගත කර තිබේ. ඉකුත් වසරේ එසේ නීතිමය වශයෙන් පිළිගැනීමක් ලබාදෙනු ලැබුවේ වොෂිංටන් හා කොලරාඩෝ ප්‍රාන්තයන්ය. ඇතැම් ප්‍රාන්ත මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි කිසිදු තැකීමක් නොකරන අතරම තවත් ප්‍රාන්ත 18 ක් වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගැනීම සඳහා පමණක් නීතිමය වශයෙන් ඉඩකඩ ලබාදී තිබුණි. එහෙත් Pew සමීක්ෂණ කේන්ද්‍රයේ නවතම සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමග ප්‍රාන්ත රජයන්හි සැලකිල්ල යොමුවී තිබුණු මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තියේ කංසා වලට පැවති ඉඩ ප්‍රස්ථාව ජාතික දේශපාලනය තුළ අත්හළ නොහැකි තේමාවක් බවට නිතැතින්ම පත්ව ඇත. ඒ නිසාම අයවැය වියදම් කපාහැරීමට කිසිවෙකුට අවශ්‍යව ඇත්නම් ඒ සඳහා මත් ද්‍රව්‍ය යුද්ධයට අවධානය යොමු කිරීම එය ආරම්භ කිරීම සඳහා හොඳ ප්‍රවේශයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
කංසා නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ජාතික ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ (National Organization for the Reform of Marijuana Laws (NORML) ඇලන් සෙන් තෝමස් පීරේ පවසන පරිදි මෙය ” අමෙරිකානු දේශපාලනය වෙනස්කරලීමට ප්‍රධාන බලමුළුගැන්වීමකි.”.
අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාගේ “මත් ද්‍රව්‍ය සාර්වරයා” ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන “ජාතික මත්ද්‍රව්‍ය පාලන ප්‍රතිපත්ති කාර්යාලයේ” අධ්‍යක්ෂ ගිල් කෙලිකොව්ස්කි මත්ද්‍රව්‍ය පරිපාලනයේ යම් දුර්වලතාවන් පවතින බව ඉකුත් පෙබරවාරියේදී පවසා තිබිණි.
“ඔබව අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න බෑ” කැනේඩියානු වාර ප්‍රකාශනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් හෙතෙම පවසා ඇත.
“පරිපාලනය ,විශේෂයෙන් මත්ද්‍රව්‍යය පාලනයේදී හුදකලාව ගත හැකි කාරණයක් නෙවෙයි. ඒකට හේතු තියෙනවා. එක ඒක මහජන සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. දෙක අපගේ මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුවීමයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.