14.3 C
London
Sunday, December 7, 2025
spot_img

කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළින් ලංකාවට පා තැබූ එරන්දට මොකද වුනේ..

කටාර් රාජ්‍යයේ විදුලි කාර්මිකයකු ලෙස සේවය කොට ඉකුත් නොවැම්බර් මස 04 වැනිදා කටුනායක, බණ්‌ඩාරනායක ගුවන්තොටුපළින් මව්බිමට පැමිණි ශ්‍රාවස්‌තිපුර, 4 ඇළ පදිංචි ටී. එම්. එරන්ද පුෂ්පකුමාර මහතා ගුවන්තොටුපළින් පිට වූ මොහොතේ සිට අතුරුදන්ව ඇති බව ඔහුගේ බිරිඳ පවසනවා.

තම සැමියා වන එරන්ද පුෂ්පකුමාර මහතා හට තමා දුරකථනයෙන් කතාකොට සිය දරුවන් දෙදෙනා හට අසනීප බවට කළ දැනුම් දීමකට අනුව දරුවන් බැලීම සඳහා හැකි ඉක්‌මනින් මෙරටට පැමිණෙන බව දැනුම් දුන් බවත්, එ අනුව ඉකුත් නොවැම්බර් මස 03 වැනිදා
අලුයම 5.34 ට පමණ තමා නැවත දුරකථන ඇමතුමක්‌ ලබාදී කළ විමසීමේදී එදින රාත්‍රි ගුවන් මගින් ලංකාවට පැමිණෙන බව සැමියා පැවසූ බවත් ටී. රේණුකා ද සිල්වා මහත්මිය පවසනවා.

තම සැමියා පෙර කළ දැනුම්දීම පරිදි ඉකුත් නොවැම්බර් මස 03 වැනිදා රාත්‍රි 10.30 ට පමණ කටාර් රාජ්‍යයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණ ඇති අතර එ අනුව නොවැම්බර් මස 04 වැනිදා අලුයම කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වී ඇති බව තමා ගුවන්තොටුපළට ගොස්‌ කරන ලද විමසීමේදී එහි පාලනාධිකාරිය විසින් ලිත සාධක සහිතව සනාථ කළ බවත් ඇය පැවසුවාය.

අතුරුදන්ව සිටින අයගේ බිරිඳ වන රේණුකා ද සිල්වා මහත්මිය මෙසේද කීවාය. මම වසර හතකට වැඩි කාලයක්‌ ක්‌වේට්‌ රටේ ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා නැවත ලංකාවට ආව. මගේ සැමියා රුපියල් තුන්ලක්‍ෂයක පමණ මුදලක්‌ වැය කොට විදුලි කාර්මික ක්‍ෂේත්‍රයේ රැකියාවක්‌ සඳහා පසුගිය අගෝස්‌තු මාසයේ ලංකාවේ සිට කටාර් රාජ්‍යයට ගොස්‌ තිබුණා.

ඔහු එසේ ගොස්‌ සිටියදී ක්‌වේට්‌ වල සිටි මම ඉඳහිට දුරකථනයෙන් කතා කළා. එ අතරතුරදී මට මගේ මව දුරකථන ඇමතුමක්‌ දී කිව්වා දරුවන් දෙදෙනාට අසනීපයි කියා. පසුව මේ බව මා සැමියාටත් දැනුම් දුන්නා.

නොවැම්බර් 03 වැනිදා අලුයම අවසන් වරට දුරකථන ඇමතුමක්‌ ලබාදුන් සැමියා එදින රාත්‍රි ලංකාවට නැවත යන බව දැනුම් දුන්නා. මමත් එවිට දරුවන් දෙදෙනා බැලීමට හැකි ඉක්‌මනින් ලංකාවට පැමිණෙන බව ඔහුට කිව්වා. පසුව නොවැම්බර් 04 වැනිදා සිට මේ දක්‌වාම ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබාගැනීමට මා උත්සාහ කළත් එය අක්‍රීයව පැවතීම නිසා එම උත්සාහයන් අසාර්ථක වුණා. සැමියා මේ වනතුරු නිවසට ආවෙත් නෑ.

කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළින් ලංකාවට පා තැබූ එරන්දට සිදුවූ දේ මේ දක්‌වා දැන ගැනීමට නැහැ. ඔහු පිළිබඳ යම් තොරතුරක්‌ දන්නා අයෙක්‌ වේ නම් 071-4726236 ට ඇමතුමක්‌ ලබාදී දැනුම් දෙන ලෙස බිරිඳ ඉල්ලා සිටී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles