කථා කරන සෙල්ලම් වලසා “ටෙඩ්”

ලැජ්ජා විරහිත, අස්භ්‍ය වචන පවසන, කැත අදහස් ඇති මෙම සෙල්ලම් වලසා ඕනෑම සුන්දර මොහොතක් අසංවර කාමුක මොහොතක් බවට පරිවර්තනය කරයි.
සංකල්පමය වශයෙන් වැරදි සහගත වූ මෙම අසභ්‍ය සෙල්ලම් වලසා වෙනුවෙන් වගකිව යුත්තේ කවුද? ඒ වෙන කවුරුත් නොව “Family Guy” රූපවාහිනී නාට්‍යයේ නිර්මාණකරු සෙත් මැක්ෆාලේන්. රචනය සහ නිශ්පාදනය දෙකම ඔහු විසින් සිදු කළ පළමු චිත්‍රපටය වන “Bear-faced cheek” ඔබව සිනා සාගරයක ගිල්වයි.
ඔබව කොක්හඬලා හිනස්වන මෙම වලස් කතාන්දරය ඇරඹෙන්නේ අවුරුදු 8 ක් වයසැති හුදෙකලා කුඩා Bretton Manley මිතුරකු ප්‍රාර්ථනා කිරීමත් සමඟයි. තමාට නත්තල් තෑග්ගක් ලෙස හමු වූ සෙල්ලම් වලසා අරුම පුදුම කඩා වටෙන තරුවක බලයෙන් පණ ඇති ටෙඩියෙක් බවට පත්වන්නේ එම ප්‍රාර්ථනාව සඵල කරවමිනි.
ටෙඩ් වලසා කීර්තිමත් ලෙස රූප වාහිනී නාළිකා වල සුප්‍රසිද්ධ වීමට එතරම් කල් ගත නොවේ. නමුත් එතරම්ම අඩු කාලයකින් ටෙඩ් ජනතාවගෙන් ඈත් වීමද සිදු වේ. ටෙඩ් ජනතාවට තවත් එක් වැටුපකට වඩ කරන වැළපෙන ජනප්‍රිය තරුවක් පමණක් බවට පත් වෙයි.
නරක ආරංචි එපමණකින් අවසන් නොවේ. අවුරුදු 27 කට පසු ටෙඩ් සහ ඔහුගේ හොඳම මිතුරා ලෙස රංගනයෙන් දායක වන “Mark Wahlberg” එකට වාසය කරනුයේ Flash Gordon නරඹමින් කර්කෂ, බේබදු ජීවිතය රස වින්දිමිනි.
නමුත් Wahlberg ගේ පෙම්වතියMila Kunis ගේ පැමිණීමත් සමඟ සියල්ල වෙනස් වේ. තම රසිකයකු විසින් තමාව භාර ගන්නා තෙක් තනිව විසීමට ටෙඩ් හට සිදු වේ. ටෙඩ් වළසාගේ නිර්දය අශිෂ්ඨ ප්‍රකාශන හමුවේ නොසැළී සිටීම වෙනුවෙන් Wahlberg සහ Kunis පැසසුමට ලක් විය යුතුයි. තමාට පුරුෂ ලිඟුවක් නොමති වීම සම්බන්ධයෙන් සෙල්ලම් භාණ්ඩ නිශ්පාදකයින් වෙත චෝදනා කර යවන්නා වූ ලිපි ඔහුගේ මේ නොමනා ක්‍රියා අතරින් එකක් වේ.
මෙම චිත්‍රපටය රස විඳින ඔබ ටෙඩ් වලසාගේ අශිෂ්ඨ, නොනවතින වදන් ඉදිරියේ සිනහවෙන් මුසපත් වනු නොඅනුමානය.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...