කන්නම හිතෙන සබන්

තම මවට දීම සඳහා සුවඳ විලවුන් වර්ගයක් සුදුසු බවට තීරණය කළ ඔඩ්රිගේ සිත අවසානයේදී නතර වූයේ සුවඳ හමන විසිතුරු පෙනුමෙන් යුතු සබන් කැටයක් නිර්මාණය කිරීම කෙරෙහියි. ආරම්භයේදී කුඩා වර්ණවත් කැට ලෙස නිපදවුණු මෙම සබන් කැබලි ක්‍රම ක්‍රමයෙන් විවිධ ආහාර වර්ග හා පැණි රස රසකැවිලිවල ස්වරූපය ගැනීමට පටන් ගත්තේ ඇය උපතින්ම ආහාරවලට ප්‍රිය කර කාන්තාවක වන නිසායි. ආහාරවල පෙනුමත් මිහිරි සුගන්ධයත් එකට කැටිකොට අපූරු සබන් නිර්මාණ තැනීමේ යෙදෙන ඔබ්රිගේ නිර්මාණ අතර බේකන්, බිත්තර හා පාන් සහිත උදය ආහාර වේලක්ද සුෂි, අයිස්ක්‍රීම්, බිස්කට් වැනි ද්‍රව්‍යද අඩංගුය. ග්ලිසරින් සබන් උණුකොට ඊට විවිධ වර්ණ සුගන්ධයන් එක් කිරීමෙන් අනතුරුව තමාගේ සිතේ ඇඳි රූපයට අනුකූලව සබන් නිර්මාණය කරන ඔඩ්රි, ස්වකීය සුන්දර නිර්මාණයට ඊටම ගැළපෙන මනබඳින නිමාවකින් යුතුව පාරිභෝගිකයා අතට පත් කිරීම සඳහා විසිතුරු ලෙස ඇසිරීමටද පියවර ගන්නීය.
ඔඩ්රි සබන් නිර්මාණවල ඇති තාත්විකත්වය කෙතරම්ද කියා වැටහී යන්නේ ඒවා සැබෑම ආහාර බව සිතූ පාරිභෝගිකයින් කිහිප දෙනෙකු විසින්ම එකී රස මසවුළුවල රස බැලීමට ඉදිරිපත් වූ නිසාය. මේ නිසාම තම නිෂ්පාදන පාරිභෝගිකයන් අතට පත් කිරීමේදී ඒ සමග එහි සැබෑ ස්වභාවය පිළිබඳ දැනුවත් කිරීමේ සටහනක් නිකුත් කිරීමටද ඔඩ්රි අමතක නොකරන්නීය.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...