කමල්හසන්, රැජිනි කාන්ත්, විජෙයි ශ්‍රී ලංකාවට එරෙහිව උපවාසයකට සැරසේ March 26, 2013 Comments Off on කමල්හසන්, රැජිනි කාන්ත්, විජෙයි ශ්‍රී ලංකාවට එරෙහිව උපවාසයකට සැරසේ 23 Views ශ්‍රී ලංකා දෙමළ ජනතාවට සහයෝගය පළකර ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කිරීම සඳහා සුප්‍රකට දකුණු ඉන්දීය දෙමළ නළුවන් වන රජිනිකාන්ත් කමල්හසන්, විජෙයි ඇතුළු නළු නිළියන් හා දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරු අප්‍රේල් 02 දා චෙන්නායිහි දී නිරාහාරව සිටීමේ උපවාසයකට සැරසෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. තවද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහයෝගය පළ කරමින් මාර්තු 19 වැනිදා තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා චිත්‍රපට ක්‍ෂේත්‍රයේ සේවකයෝ මෙවැනි උපවාසයක් මුලින්ම පැවැත්වූ අතර එයට සහයෝගය පළ කළ තමිල්නාඩු ශිෂ්‍ය සංගම් දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තවදුරටත් ශ්‍රී ලංකාවේ ගැටලුව සම්බන්ධයෙන් තමිල්නාඩු ශිෂ්‍යයන්ට සහාය දෙන ලෙසයි. දෙමළ සිසුන් කළ දැනුම්වත් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස නළු නිළියන් ඇතුළු රංගන ක්‍ෂේත්‍රයේ ශිල්පීන් මෙවැනි උපවාසයකට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Share featured Latest slider 2013-03-26 ceylonradio Share Facebook Twitter Google + Pinterest