Saturday , 7 September 2024

කයිරෝ අගනුවර යළි නොසන්සුන්: 50ක් මරුට

ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමඩ් මෝර්සිට පක්ෂපාතී සහ විපක්ෂ කණ්ඩායම් අතර කයිරෝ අගනුවරදී තවදුරටත් ගැටුම් පවතී.

ඊයේ හටගත් ගැටුම්වලදී පුද්ගලයින් 50ක් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

නමුත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගැටුම්වලින් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මිය ගිය බව ය.

එහෙත් ඊජිප්තු රජය එය ප්‍රතික්ෂේප කළේය.

මෙහොමඩ් මෝර්සිගේ ආධාරකරුවන් යළි නැගී සිටීම හේතුවෙන් මේ වන විට ගැටුම් උත්සන්න වී ඇතැයි, බීබීසි ලෝක සේවය පෙන්වා දෙයි.

කයිරෝ නුවර හටගත් ගැටුම් මැඩපැවැත්වීම සඳහා පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේ ය.

කෙසේ වෙතත් බීබීසි ලෝක සේවය පැවසූවේ, පැය භාගයකට අධික කාලයක් දෙපාර්ශවය අතර දරුණු ලෙස ගැටුම් පැවති බව ය.

පවතින අන්තර්වාර රජය තවදුරටත් අන්තර්ජාතික ප්‍රජාවගෙන් ලැබෙන සහයෝගය ප්‍රතික්ෂේප කළ හොත් ඊජිප්තුවේ පවතින තත්ත්වය තවදුරටත් උත්සන්න වනු ඇති බව දේශාපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර කයිරෝ අගනුවර ඇතුළු විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල ආරක්ෂාව තරකිරීම සඳහා දැඩි රැකවල් යොදා තිබේ.

egypt newsfirst (3)

egypt newsfirst (4)

source:newsfirst.lk

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...