ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මුර්සි ගේ සහයකයන් විසින් කයිරෝ අගනුවර පැවැත්වූ විරෝධතාවයකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පුද්ගලයන් 100කට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇතැයි එරට වෛද්‍යවරුන් පවසයි.
තවත් පුද්ගලයන් 1000ක් පමණ තුවාල ලබා ඇතැයිද ඔවුන් පවසයි.
කෙසේ වෙතත් ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත්තේ මෙහිදී පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් 180ක් තුවාල ලබා ඇති බවයි.
මුර්සි ගේ සහයකයන් හා විරුද්ධවාදීන් විසින් ඊයේ රැය පුරාවට කයිරෝ අගනුවර විරෝධතා පැවත්වා තිබුණි.
(බීබීසී ඇසුරෙනි)
(ඡායාරූප : ඩේලිමේල්)