13.5 C
London
Friday, April 25, 2025
spot_img

කලකට පසු රොෂාන්

’1996 ක්‍රිකට්‌ ලෝක කුසලානය’ මව්බිමට රැගෙන ආ කණ්‌ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වූ මෙරටින් බිහිවූ දක්‌ෂතම පන්දු රකින්නෙකු වූ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම කලකට පසු සතිඅන්ත පුවත්පතක කතා බහට එක්වී තිබේ.

මේ වනවිට අන්තර්ජාතික ක්‍රිකට්‌ කවුන්සිලයේ නිත්‍ය තරග තීරකවරයකු ලෙස කටයුතු කරන මහානාම සෘජු තීරණ ගන්නා තීරකවරයකු ලෙස ප්‍රචලිතය.

ඉතාමත් සතුටින් තම දියණියන් ‍තිදෙනාත් බිරිදත් සමග කාලය ගෙවන රොෂාන් සැබවින්ම ගෙවන්නේ කාර්යබහුල දිවියකි. වසරේ වැඩි කාලයක් විදේශ ගත වී සිටින ඔහු මේ දිනවල තවත් උතුම් සමාජ සද්කාර්යයකට දායක වී තිබේ. ඒ ‘බේබි ෂෙරමි බිග් හාර්ට්’‌ වැඩසටහනට ය. දැයේ දුප්පත් දුවා දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීමේ මහඟු සද්කාර්යය සඳහා දායක වෙන්න ලැබීම සැබවින්ම ඔහු භාග්‍යයක් කොට සලකයි. රොෂාන් එම පදනමේ වැඩසටහන් තානාපතිවරයෙක්‌ ලෙස කටයුතු කරයි.

පසුගියදා පැවති ‘බේබි ෂෙරමි බිග් හාර්ට්’ පදනමෙන් සංවිධානය කල 1996 කි‍්‍රකට් ලෝක ශූර කණ්ඩායම සහ ජනකාන්ත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු අතර පැවැති 20–20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟාවලියට රොෂාන් ද සහභාගි විය.

සැබවින්ම සුන්දර වූ අතීත මතකයන් නැවත ආවර්ජනය කළ තරගයක් වූ එම තරගයේ දී රොෂාන් තරගකළේ නායක අර්ජුන රණතුංගගේ කණ්ඩා‍යමේ ය.

ක්‍රීඩකයන්ගේ හොඳම දේ උකහා ගන්න නොයෙක්‌ විධි භාවිතා කළ, තම කණ්ඩායම සැමදාම ජයග්‍රහණය කරා රැගෙන ගිය හිටපු නායක අර්ජුන රණතුංග කෙරෙහි තිබෙන ගෞරවය කිසිදාක නැති වෙන්නේ නැති බවත් රොෂාන් පැවසුවේ සැබෑ ගෞරවයෙන් සහ සෙනෙහසිනි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සෑහෙන ඉදිරියට ඇවිත් තිබෙන අප වර්තමාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි කිහිපයක අවසන් තරග දක්‌වා පැමිණීමත් සමගම ලොව අනෙක් රටවල් අතරින් ඔවුන් හුගාක් ඉදිරියෙන් සිටින බව රොෂාන්ගේ අදහසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles