12.6 C
London
Thursday, May 15, 2025
spot_img

කහවත්තේ කාන්තා ඝාතන කල්ලියේ මෙන්න වැඩ… කරපුවා දැන් දැන් එලිවෙයි…

කහවත්ත ප්‍රදේශය භීතියට පත්කරමින් ඉකුත් මැයි සහ ජුලි මාසවලදී සිදුවූ කාන්තා ද්විත්ව ඝාතන සිද්ධීන් දෙකම සිදුකර ඇත්තේ මිනීමැරුම් චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක්‌ විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ඝාතන කල්ලිය සඳහා පුද්ගලයන් පස්‌දෙනකු සම්බන්ධ වී සිටි බවටද තොරතුරු මේ වනවිට ලැබී තිබේ.

මෙම ප්‍රාදේශීය දේශපාලනඥයා
ඇතුළු සංවිධානාත්මක පිරිස විසින් සිදුකළ බව කියන ද්විත්ව ඝාතනය තමන් විසින් නොකළ බවට ඒත්තු ගැන්වීමට සඳහා මොවුන් සන්නද්ධ පිරිසක්‌ යොදවා මෙම මිනීමැරුම් සිදුකර ඇති බවද හෙළි වී ඇත.

ඉකුත් මැයි මස 31 වැනිදා කොටකෙතන ප්‍රදේශයේදී එක කුස උපන් සොහොයුරියන් වූ සේතුංගේ දයාවතී (61) සහ සේතුංගේ තිලකාවතී (52) සහ ජුලි මස 18 වැනිදා කොටකෙතන පදිංචිව සිටි යූ. ඩී. ප්‍රේමාවතී (මව) සහ එම්. පී. පුෂ්පා කුමාරි (දියණිය) ඝාතනය කර ඇත්තේ එකම කණ්‌ඩායමක්‌ විසින් බව අනාවරණය වී තිබේ.

[dropcap]dharma[/dropcap]
කහවත්ත කොටකෙතන පදිංචිව සිටි සොහොයුරියන් දෙදෙනා ඝාතනයට ලක්‌වීමට පෙර ඝාතකයන් අතින් දූෂණයට ලක්‌ වී ඇති අතර මව සහ දියණිය මරාදැමීමෙන් පසු දූෂණයට ලක්‌කර ඇති බව ද හෙළිදරව් වී ඇත.

සොහොයුරියන් දෙදෙනා සහ මවත් දියණියත් ඝාතනය කිරීම සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු සංවිධානාත්මක පිරිස්‌ විසින් ඝාතනයට කොපමණ මුදලක්‌ ලබාදී තිබුණේද යන්න මෙතෙක්‌ හෙළි වී නැත.

ද්විත්ව ඝාතන සිද්ධියක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබ තමන් බන්ධනාගාරගතව සිටියදී පවා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ අබිරහස්‌ මිනීමැරුම් සිදුවන බවට ඒත්තු ගැන්වීම සඳහා මොවුන් මෙම සැලසුම් සකස්‌කර තිබී ඇත. එවැනි අබිරහස්‌ ඝාතන සිදුකර තමන් නිර්දොෂී පුද්ගලයන් බවට පෙන්වීමට මොවුන් උත්සාහ කර ඇති බවද හෙළි වී ඇත.

එහෙත් මෙම අබිරහස්‌ මිනීමැරුම් සියල්ලේම තොරතුරු මේ වනවිට හෙළිදරව් වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ පරීක්‍ෂණ පවත්වමින් සිටී.

පසුගිය පෙබරවාරි මස 03 වැනි දා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ දී මවක සහ දියණියක කෲර අන්දමින් කපා කොටා ඝාතනය කර තිබිණ. මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් බව කියන සිද්ධියකට පළිගැනීම සඳහා මෙම ද්විත්ව ඝාතනය සිදුකළ බව පසුව හෙළි විය.

[dropcap]download[/dropcap]
මෙම ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එම පළාතේ ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ ඔහුගේ සෙහොයුරු ඇතුළු කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට පත්වූ අතර ඔවුහු මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටිති.

download (1)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles