11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

කහවත්තේ සිදුවන්නට ගිය තවත් ඝාතනයක්….

තරුණ යුවළ අනුනමයෙන් බේරේ
සාහසිකයා පළායයි

කහවත්ත දිවුල්වල ප්‍රදේශයේ ඕපාත වත්තට යාබදව පිහිටා තිබූ නිවසකට පෙරේදා (10) රාත්‍රියේ ඇතුළු වූ සාහසිකයකු එම නිවසේ පදිංචිව සිටි තරුණ යුවළකට ඉතා දරුණු ලෙස කඩුවකින් පහර දී පලාගොස්‌ තිබේ. මෙම දෙදෙනා ඝාතනය කිරීමට සාහසිකයා දැරූ උත්සාහය වැරදී ඇති බව මූලික පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

ජී. ඩී. අමරසිරි (28) නමැති අය සහ ඔහුගේ බිරිඳ කේ. එල්. දිල්හානි (27) යන දෙදෙනා මේ සිද්ධියෙන් දරුණු ලෙස තුවාල ලැබ ඇති අතර ප්‍රදේශවාසීන් එක්‌ව ඔවුන්ව කහවත්ත රෝහලට ද අනතුරුව රත්නපුර මහ රෝහලට ද ගෙන ගොස්‌ තිබේ. ඔවුහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ දෙදෙනා හට පහර දෙන අවස්‌ථාවේ සිව් හැවිරිදි දියණිය ද නිවසේ නිදාගෙන සිට තිබේ. තුවාල ලැබූ අමරසිරි මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර ඇති අතර ඔහු සාහසිකයාට පහර දීමට උත්සාහ කර ඇත. ඉන් අනතුරුව සාහසිකයා අත තිබූ කඩුව සහ රැගෙන ආ විදුලි පන්දම ද දමා පලාගොස්‌ ඇති බවත් අමරසිරි මහතා කෙටි දුරක්‌ ඔහු ලුහුබැඳ ඇති බවත් පොලිසිය පවසයි. සිද්ධිය වූ නිවසේ ජනෙල් තාවකාලිකව පොහොර බෑග්වලින් ආවරණය කර තිබූ අතර ඉදිරි දොර අසල තිබෙන ජනේලයේ ආවරණය විවර කර සාහසිකයා නිවසට ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම සිද්ධිය කහවත්තේ සිදු වූ අනෙක්‌ අබිරහස්‌ ඝාතනවලට සම්බන්ධයක්‌ තිබේදැයි බුද්ධි අංශවල දැඩි අවධානයට ලක්‌ව ඇති අතර අපරාධය සම්බන්ධයෙන් තොරතුරු සහ සාහසිකයා සොයා ගැනීමට ඊයේ (11) අලුයම සිට පොලිස්‌ නිලධාරීහු සහ බුද්ධි අංශ කටයුතු කරති. මේ සඳහා රත්නපුර පොලිසියේ නිල සුනඛ “රොකී” ද යොදාගෙන තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles