HomeCeylon Gossip Ceylon GossipNews කහවත්ත හමුදාවට බාරදෙයි By ceylonradio November 15, 2012 0 4 FacebookTwitterPinterestWhatsApp දිගින් දිගටම කාන්තා ඝාතන සිදුවන කහවත්ත කොටකෙතන කලාපයේ ආරක්ෂාවට (14 දා) සිට යුද හමුදා හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළුව 700ක පමණ ආරක්ෂක බළඇණියක් යොදවා තිබේ. කොටකෙතන, දිඹුල්වල, නිලදුර යන ගම්මානවල කඳවුරු පිහිටුවීම ඊයේ සිදුවිය. හමුදා කඳවුර කොටකෙතන ප්‍රජා ශාලාවේද, පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු දෙකක් දිඹුල්වල හා නිලදුරදී ද ඊයේ සිට අලුතින් පිහිටුවා තිබේ. ඊට අමතරව කොටකෙතන පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීහු 35 දෙනෙක් ආරක්ෂාවට යොදවා සිටිති. බුද්ධි අංශ නිලධාරීහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ද ප්‍රදේශයේ පරීක්ෂණවල නිරත වෙති. කහවත්ත පොලිසියට අලුතින් නිලධාරීන් 130 දෙනකු අනුයුක්ත කිරීමට තීරණය කොට තිබේ. යුද හමුදා හා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් ප්‍රදේශයේ ජංගම මුර සංචාරවල නිරතවී සිටී. තවත් කණ්ඩායම් කැලෑ රොදවල් හා කැලෑවල අපරාධකරුවන් ගැන විමසිලිමත්ව සිටිතැයි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු බාර උසස් හමුදා නිලධාරියකු කීවේය. කහවත්ත දිඹුල්වලදී 2009 දී ඝාතනය කෙරුණු 81 හැවිරිදි මවකගේ අත්හැර දැමුණු නිවෙසක් කැලෑ වැදී තිබූ අතර, එම නිවෙස හා අවට පවිත්‍ර කර එහිද පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් රැඳවීමට සූදානම් කර තිබේ. කහවත්ත ප්‍රදේශයේ පසුගිය කාලයේ කාන්තා ඝාතන 15ක් සිදුව තිබේ. මේ අතර, කාන්තා ඝාතන 15ක් සිදුවීමෙන් කැලඹී සිටින කොටකෙතන ප්‍රදේශයේදී පිහියක් රැගෙන සිටි බව කියන පුද්ගලයකු සොයා (14 දා) පස්වරුවේදී 200ක පමණ හමුදා නිලධාරින් සහ විශේෂ කාර්ය බළකාය විසින් මෙහෙයුමක් ඇරැඹීය. කොටකෙතන සමගිපුර පදිංචි සුනීතා වික්‍රමආරච්චි නම් 50 හැවිරිදි කාන්තාව ඊයේ පස්වරුවේදී මේ මිනිසා දුටු බව පැවැසුවාය. ඒ සමඟම එම අබිරහස් පුද්ගලයා පලා ගොස් ඇති අතර, ඔහු සොයා කාන්තාව පදිංචි නිවෙසට ඉහළ කැලෑ ප්‍රදේශය තුළ මෙහෙයුමක් අරඹා ඇත. ඊයේ රාත්‍රිය වනතුරුත් මෙහෙයුම සිදුවිය.මේ සිදුවීම ආරංචි වීම සමඟම ප්‍රදේශයට විශේෂ ආරක්ෂාව සලසා ඇත. ඡායාරූප ලංකාදීප Share TagsfeaturedLatestslider Share FacebookTwitterPinterestWhatsApp Previous articleපින්කි පිරිමියෙක්Next articleතහනම් කළ අංගම්පොර ජනපති කරලියට ගෙනෙයි ceylonradio Related Articles ක්රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Domestic ශ්රී ලංකාවේ ආර්ථිකය 2025දී 3.5%ක වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ – ලෝක බැංකුවේ වාර්තාව Ceylon Events in UK උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්. Stay Connected0FansLike0FollowersFollow0SubscribersSubscribe - Advertisement - Latest Articles ක්රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Domestic ශ්රී ලංකාවේ ආර්ථිකය 2025දී 3.5%ක වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ – ලෝක බැංකුවේ වාර්තාව Ceylon Events in UK උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්. Ceylon Events in UK Trico Logistics – Liverpool Office Opening Breaking News වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් පසු අගමැතිගෙන් ප්රකාශයක් Load more