11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

ක්‍රිකට් ආයතනය විනාශ කරන පිරිසක් අර්ජුන හෙළිකරයි

ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මෙරට ඉන්දියාවට යටවී ඇති ආකාරයක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.

මුදලටම යටවන ව්‍යාපාරිකයින් ක්‍රිකට් ආයතනයේ තනතුරුවලට පත් කිරීම නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙලෙස අනාරක්ෂිත වී ඇති බව හෙතෙම කියයි.

ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම නොව මුදල් බව රණතුංග මහතා පෙන්වාදෙයි.

2008 වසරේදී තමන් ක්‍රිකට් ආයතනයේ සිටියදී ඉන්දියාවට තමා ගැන ප්‍රශ්නයක් තිබූ බවද ඔහු කියයි.

කෙසේ හෝ මොළයක් නැති ඇමතිවරු තනතුරුවලට දැමීම නිසා ආයතනයෙන් එළියට යාමට සිදුවූ බවත් අද ඉන් දුක් විඳින්නේ ක්‍රීඩකයෝවත්, ඇමතිවරුවත්, රජයවත් නොවන බවද හෙතෙම අද දෙරණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles