19.4 C
London
Thursday, June 19, 2025
spot_img

ක්‍රිස් ගේල් ගෙන් තවත් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී පළමු පන්දුවාරයේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළ ලොව පළමු කී‍්‍රඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් වාර්තා පොතට එක්වුණා.

ඒ, ඊයේ (14) මීර්පුර් හිදී බංග්ලාදේශය සමග ආරම්භ කෙරුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින්.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ බංග්ලාදේශ ආරම්භක පන්දු යවන්නෙකු වන සොහාඞ් ගාසිගේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවටම ක්‍රිස් ගේල් මෙලෙස හයේ පහරක් එල්ල කළ බවයි.

ලොව ටෙස්ට් ක්‍රිකට් තරග ආරම්භ කෙරුණේ 1877 වසරේ මාර්තු මස 15 වැනිදායී.

එදා මෙදා කාලය තුළ කිසිදු පිතිකරුවෙකු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක පළමු පන්දුවාරයේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කර නැහැ.

http://youtu.be/hIHMBImTYc0

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles