ලෝක ප්‍රකට සංගීතඥයන් දෙපලක් වන ඇමරිකාවේ බ්‍රරූස් ස්ප්‍රිංග්ස්ටීන් හා බ්‍රිතාන්‍යයේ පෝල් මැකාට්නි, ලන්ඩනයේ හයිඩ් පාක් නම් උද්‍යනයේ පැවැත්වූ සංගීත සංදර්ශනයක්, සින්දුවක් අතරතුරදීම නැවැතවීමට පසුගිය සතියේ සිදුවුනා.
එයට හේතුවූයේ මෙරටතුල එළිමහන් සංගීත සංදර්ශනයක් රාත්‍රී 10.30 පසු නිමාකලයුතු නීතිය, ක්‍රියාවට නැංවීම නිසයි.
එයත් සමග මෙරට තුල එළිමහන් සංගීත සංදර්ශනයක් රාත්‍රී කීය වනතෙක් පැවැත්විය හැකිදැයි, මහත් විවාදාත්මක සංවාදයක් ඇතිවී තිබෙනවා.
මෙහි විශේෂත්වය වනුයේ, ලංකාවේ මෙන් නොව, නීතිය කාටත් පොදුවේ ක්‍රියාවට නැංවී තිබීමයි.