සමහර වෙලාවට අපි එදිනෙදා කරන ගනුදෙනුවලදී ඉතුරු වෙන පොඩි මාරු කාසි ගෙදර වෙනම තැනක තිඅල තියන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඔයාල දන්නවද සම රටම වගේ මේ කාසි වලින් ගෙවන්න පුළුවන් උපරිම සීමාවන් නියම කරලා තියනවා කියලා. අපි අද කියන්න යන්නේ බ්‍රිතානයේ කොහොමද මෙම නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. සමහර පුද්ගලයන් ණයගෙවන්න එහෙම මේ කාසි පාවිච්චි කරලා තියනවා. 2009 දී පුද්ගලයෙක් තමන්ට ගෙවන්න නියම වූ පවුම් 1300ක මුදලක් පෙන්සයේ කාසිවලින් ගෙවන්න යාමේදී එය ප්‍රතික්ෂේප කර තිබුණා.මෑතකදී Ice Cream වෙළෙන්දියක් තමාට ලැබෙන කාසි වලින් Super Market එකට ගෙවන්න යාමේදී ප්‍රතික්ෂේප කලා.නමුත් පසුව එය බාර ගෙන තිබුණා.
මේ කතා කොහොම තිබුනත් නීතිය නම් තියෙන්නේ මෙහෙමයි.
1p වලින් – උපරිමය 20p
2p වලින් – උපරිමය 20p
5p වලින් – උපරිමය £5
10p වලින් – උපරිමය £5
20p වලින් – උපරිමය £10
50p වලින් – උපරිමය £10
£1 වලින් – ඕනෑම ප්‍රමාණයක්
£2 වලින් – ඕනෑම ප්‍රමාණයක්
තවත් එකක් නීතිය මෙහෙම තිබුණට, මුදල් ගෙවන ඔබත් මුදල් ලබාගන්නඅනෙක් කෙනත් කැමතිනම් මේකෙන් බලපෑමක් නෑ.