කැන්ගරු දූපතේ දී සිසුවියකට අතවර කළ ලාංකිකයාගේ බලපත්‍ර අහෝසියි!

0
192

ඔස්ට්‍රේලියාවේ දී විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකට අතවර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයාගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඩැක්ස්චන් සෙල්වරාජා නැමැති 21 හැවිරිදි තරුණයෙකුගේ වීසා බලපත්‍රය මෙසේ අවලංගුකර ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක දී ශිෂ්‍යාව දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.

පසුව අදාළ තරුණයා අත්අඩංගුවට ගැණුනු අතර ඔහුට එරෙහිව නඩු පැවරීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පියවර ගත්තේය.

චෝදනා සළකා බැලූ ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ඇපමත මුදා හැරීමට නියෝග කළේය.

අදාළ තරුණයා ඔස්ට්‍රේලියානු රැකවරණ පතා එහි රැඳී සිට ඇති අතර ඔහුට තාවකාලික විසා බලපත්‍ර නිකුත් කර තිබිණි.