14.3 C
London
Sunday, December 7, 2025
spot_img

කැබ් එකකින් කැලේට අරන් ගිය අම්පාරේ උමේෂා ගැන තවම තොරතුරක්‌ නෑ…

අම්පාර ප්‍රදේශයේ තරුණියක්‌ පැහැරගෙන ගොස්‌ දින හයක්‌ ගත වී ඇතත් මෙතෙක්‌ ඇය පිළිබඳ තොරතුරක්‌ නැතැයි ඇයගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තියෙනවා .

ඇය අවසන් වරට නිවසෙන් පිටවී ගොස්‌ ඇත්තේ අසල්වැසි කාන්තාවක්‌ සමඟයි. මෙසේ පැහැරගෙන ගොස්‌ ඇත්තේ අම්පාර අංක ඊ/586/2 ඒ නිවසේ පදිංචිව සිටි උමේෂා ඉහාරි කුරේ නමැති විසි එක්‌ හැවිරිදි තරුණියක්‌.

මෙම තරුණිය 2012 බක්‌මහ උත්සවයේදී අවුරුදු කුමාරියක්‌ ලෙස පෙනී සිට ප්‍රථම ස්‌ථානය දිනාගත් බවද දෙමාපියෝ පවසනවා. උමේෂා දියණියට දේවාරූඩයක්‌ ඇති බවද මව වන එස්‌. ඒ. ශ්‍යාමලී මහත්මිය පවසනවා.

අම්පාර තානායමේ ගිණුම් අංශයේ වැඩ කරන්නෙ……….

“මගේ දුව අපේම ගෙවල් ළඟ නංගී කෙනෙක්‌ එක්‌කරගෙන යනවා. ඒ කාලය තුළම වෙනත් රැකියාවකට සම්මුඛ පරීක්‍ෂණයක්‌ සඳහා කොළඹ යන්න සූදානම් වෙලා සිටියේ පසුගිය 17 දායි. දුව පැහැරගෙන ගියේ 16 දායි.”

රත්තරං අම්මේ මාව පැහැරගෙන යනවා. කොහොම හරි බේරාගන්න කියලා දුව දුරකථනයකින් කීප වතාවක්‌ කථා කළා. වැඩි වේලාවක්‌ ගියේ නැහැ. කව්රු හරි දුවගේ ෆෝන් එක උදුර ගත්තා වගේ මට දැනුණා. ඊට පසු දුවගෙන් එස්‌. එම්. එස්‌. පණිවිඩ කීපයක්‌ ආවත් මේ වනතෙක්‌ තොරතුරක්‌ ලැබුණේ නැතැයි හඬා වැළපෙමින් තරුණියගේ මව තවදුරටත් පවසනවා.

තරුණියගේ පියාවන එම්. පී. දිමුත් කුරේ මෙසේ පවසනවා.

“මගේ දුව පැහැරගෙන යැම වෙනුවෙන් මුල් වුණු ගැහැනු කෙනෙක්‌ අම්පාර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්‌ කරලා තිබෙනවා. මේ අතරතුර අපිට දුවගෙන් කෝල් පිට පිට ආවා.

කැබ් එකකින් කැලේට අරන් යනවා කියලත් දුව ෆෝන් එකෙන් කිව්වා. දුවගේ ජීවිතය ගැන අපිට බියක්‌ තිබෙනවා. දැන් අපිට කිසිම අයකුගෙන් උදව්වක්‌ නැහැ. මේ ගැන අපිට පොලිසියෙන් කිසිදෙයක්‌ කියන්නේ නැහැ.

තරුණිය පැහැර ගැනීම පිළිබඳ පොලිසියට පැමිණිල්ලක්‌ දෙමාපියන් විසින් කර තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් තරුණිය බේරාගැනීමටත් අවශ්‍ය පරීක්‍ෂණ කරගෙන යන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසුවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles