16.3 C
London
Thursday, June 19, 2025
spot_img

කැබිලිත්ත පුද බිමේදී කට වරද්දා ගන්නා අයට පාඩමක්‌ කියා දෙන සද්දන්තයෙක්‌

මේ දිනවල සංචාරකයන් විශාල වශයෙන් ගොස්‌ යාල ජාතික වන උද්‍යානයට අයත් පරිසරය විනාශ කරති. කැබිලිත්ත (සියඹලා දේවාලය) විනාශ කිරීමට මිනිසුන්ට ඉඩදී නිකම් බලා සිටින වන ජීවී නිලධාරීන්ටත් අපූරු පාඩමක්‌ කියා දෙමින් මෙම සුන්දර පරිසරයද ඓතිහාසික සියඹලා දේවාලයද රැකදීමට තිරිසන් සතකු ඉදිරිපත්ව සිටීම විශේෂයකි.

මෙම සතා වන අලියෙකි. පාසල් නිවාඩුව නිසා දිනකට රථ වාහන 75 ක්‌ පමණ මෙම වන ගත ප්‍රදේශයට ඇතුළු වන අතර මෙම පිරිස්‌ පරිසරයට තදබල ලෙස අපද්‍රව්‍ය මුදාහරිමින් සුන්දර පරිසරය විනාශ කිරීමට කටයුතු කරමින් සිටිති.

මෙම පිරිස්‌ පාලනයට වන ජීවි නිලධාරීන්ද ක්‍රියා නොකරන අතර මෙම ප්‍රදේශයට මෑතකදී පැමිණ සිටින දැවැන්ත වන අලියකු විටින් විට මිනිසුන් අතරට කඩා පැන එළවා එළවා පහර දෙමින් සිටින්නේ දේව හාස්‌කමක්‌ ලෙසිනි.

මාලඹේ සිට කැබිලිත්ත දේවාලයට ගොස්‌ සිටි පුද්ගලයකුට මෙම අලියා පහරදීම නිසා බරපතළ තුවාල ලබා මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙම තුවාල ලැබූ පුද්ගලයා දේව අඩවියට ගොස්‌ කතරගම දෙවියන් තමන් සමග එකට සිට භාවනා කර ඇතැයි කට වරද්දා ගෙන ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මෙයට අමතරව පසුගිය 7 වැනි දින රාත්‍රි තවත් පිරිසකට මෙම අලියා අපූරු පාඩමක්‌ කියා දී ඇත. නුගේගොඩ හා අතුරුගිරියේ සිට පැමිණි තරුණයින් පිරිසක්‌ කිසිදු පේවීමකින් තොරව කැබිලිත්ත දේවාලයට ගොස්‌ රාත්‍රී 9 ට පූජාව තබා ඇත.

මෙහිදී අඳුරේ සිට පැමිණි අලියා කීප දෙනකුට පහරදීමට එළවා ඇත. අලියා දුටු පිරිස්‌ හිස්‌ ලූ ලූ අත දිව ගොස්‌ ජීවිත බේරාගෙන ඇති අතර පුදට රැගෙන ආ ද්‍රව්‍ය අලියා විසින් පාගා පොඩිකර දමා තිබිණි.

මෙම පිරිස රැගෙන ආ කපුවාට අයත් පූජාභාණ්‌ඩ ද අලියා පාගා දමා තිබියදී සොයා ගැනුණි.

මෙයට අමතරව හොඳම පාඩමක්‌ අතුරුගිරියේ සිට පැමිණි තරුණයින්ට අලියා කියා දී ඇත.

මෙම පිරිස්‌ රැගෙන ආ ජංගම දුරකථන මුදල් සියල්ල එක්‌ බෑගයක දමා පූජාව තබන ස්‌ථානයට රැගෙන විත් තිබේ. මෙම මුදල් හා ජංගම දුරකථන දමා තිබූ බෑගයද අලියා පාගා තිබුණත් එහි තිබූ මුදල් හා දුරකථන සියල්ල මිනිස්‌ සත්වයකු විසින් රැගෙන ගොස්‌ ඇති බව දැක ගැනීමට ලැබිණි.

මුදල් හා ජංගම දුරකථන පිළිබඳව සෑම තැනකම සොයා බලා පැමිණ සිටි පිරිස්‌ ගෙන්ද විමසනු ලැබූවත් කිසිවක්‌ හමුනොවූ අතර පැමිණි පිරිසට ඔවුන් ගිය ජීප් රථ දෙකටද මුදල් ගෙවීමට නොහැකි විය. කතරගමට පැමිණ සිය මිතුරකුගේ ගිණුමට නිවෙස්‌ වලින් මුදල් ගෙන්වා ගත්තත් ජාතික හැඳුනුම්පත් හා මුදල් ගන්නා කාඩ් පත් ඇතුළු බොහෝ දේවල් ඔවුනට අහිමිව තිබිණි. මේ පිරිස්‌ කතරගම දේවාලයට පැමිණ පඬුරු ගැට ගසා දෙවියන්ගෙන් සමාව ගන්නා අයුරු දැක ගැනීමට හැකි විය.

මේ වන විට දිනපතා විවිධ පිරිස්‌ කැබිලිත්ත දේවාලයට පැමිණෙති. මෙහි පැමිණීමට මාර්ග 4 ක්‌ පවතින අතර කොටියාගල ඇතිමලේ යන මාර්ග ඔස්‌සේ පැමිණෙන ඕනෑම අයකුට වනයට හානිකර ඕනෑම දෙයක්‌ රැගෙන යා හැකිය. මෙම මාර්ග නිරීක්‍ෂණයට කිසිදු වන ජීවි නිලධාරියකු පත්කර නැත.

කතරගම කේ. ඩී. දේවප්‍රිය (දිවයින)

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles