කැසිනෝව වීවෘත කළොත් අපි පාරට බහිනවා – අස්ගිරි මහා නායක හිමියෝ
ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රකෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් කොළඹ – කොටුව – සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ ඉදිකිරීමට සැළසුම් කර ඇති කැසිනෝ පුරවරය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ආන්දෝලනාත්මක කථාබහ මතුවී ඇත.
මේ කැසිනෝ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සාහයට තමන් වහන්සේ “සම්පූර්ණයෙන්ම විරුද්ධ” බව අස්ගිරි මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ පවසති. උන්වහන්සේ එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකයකු ලෙසින් පත්වුණු මයන්ත දිසානායක උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේය.
තවද “ඒ ව්‍යාපාරය ඔතන ආරම්භ කළොත් අපිත් පාරට බහිනවා” යනුවෙන්ද “පාරට බැහැලා විශාල උද්ඝෝෂණයක් කරනවා ඒ ව්‍යාපාරෙට අත හිත දීල ක්‍රියාකරනු ලබන රජයේ හෝ වේවා, මැති ඇමතිවරු හෝ වේවා ඒ සියලු දෙනාටම විරුද්ධව අපි පාරට බහිනවා.”
‘දියුණුව සඳහා නොවේ’ යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.
කැසිනෝ ව්‍යාපෘතියට දැඩි විරෝධය පළ කරන උන්වහන්සේ එය විග්‍රහ කළේ, අනාගත පරපුර සූදුවට පුරුදු පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ලෙසිනි. “කැසිනෝ ව්‍යාපාරයක් කියන්නේ විශාල සූදුවක් නේ. ඒක ආරම්භ කරන්නේ මේ රටේ මහජනයාගේ දියුණුව සඳහා නෙවෙයි,” “මේ රටේ තියෙන සල්ලි ටික විදේශීය අය එක්කහු වෙලා ඒ අය කඩාගෙන යන්නයි ඔය ව්‍යාපාරය පටන් ගත්තේ යනුවෙන්ද උන්වහන්සේ පෙන්වා දෙති.
ඕස්ට්‍රේලියාවේ විශාලතම නිවාඩු නිකේතන හා විනෝදාශ්‍වාද ව්‍යාපාරයක් වන ක්‍රවුන් සමාගමට ඩොලර් මිලියන 350 ක සෘජු ආයෝජනයක් සඳහා අවසර දී තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය සතියේ සනාථ කළේය. ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධිපතිවරයායි. එම ව්‍යාපෘතියට අසාමාන්‍ය අන්දමින් බදු සහන ලබාදෙමින් ඔහුට ශ්‍රී ලංකාවේ “පුංචි ආණ්ඩුවක්” බවට පත්වීමට අවසර දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී චෝදනා කළ අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන ඉහත කී සනාථ කිරීම සිදු කළේය.
කෙසේ නමුත් ලාභයෙන් 40% ක බද්දක් අය කළ යුතු ව්‍යාපාරයකට “අසීමිත බදු නිදහසක්” ලබා දීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව “සූදු රජා අභියස දනින් වැටී සිටින” ආකාරය පැහැදිලිව පෙනී යන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේය.
- Advertisement -