කිංචිගුණේ චෛත්‍යය මතුවෙයි

බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ සිට කිලෝමීටර්  06 ක් පමණ ඈතින් සමනල වැව ජලාශය පිහිටා තිබේ. මේ දිනවල සමහර පැතිවලට ගංවතුර ගලද්දී තවත් සමහර ප‍්‍රදේශවල නියඟයෙන් බැටකන බව අසන්නට ලැබේ. බළන්ගොඩ හා ඒ අවට ප‍්‍රදේශයන්ට තවමත් වර්ෂාව නොලුබීමෙන් වියළි ඉඩෝර කාලගුණික තත්වයකට මුහුණ පෑමට සිදුව ඇත. ඉඩෝරයේ තරම කොතෙක්ද යත් වැව් අමුණු හිඳෙමින් බීමට ජලය නොමැති තත්වයකට මෙම ප‍්‍රදේශ පත්ව තිබේ. සමනල වැව ද සීඝ‍්‍ර හිඳීයාමේ අවදානමකට ලක්ව ඇති අතර ජලාශයට යටවුණ කිංචිගුනේ ගමෙහි වු පන්සලේ චෛත්‍යයේ නටබුන් මතුවී ඇති අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.

 

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...