කිංචිගුණේ චෛත්‍යය මතුවෙයි

0
146

බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ සිට කිලෝමීටර්  06 ක් පමණ ඈතින් සමනල වැව ජලාශය පිහිටා තිබේ. මේ දිනවල සමහර පැතිවලට ගංවතුර ගලද්දී තවත් සමහර ප‍්‍රදේශවල නියඟයෙන් බැටකන බව අසන්නට ලැබේ. බළන්ගොඩ හා ඒ අවට ප‍්‍රදේශයන්ට තවමත් වර්ෂාව නොලුබීමෙන් වියළි ඉඩෝර කාලගුණික තත්වයකට මුහුණ පෑමට සිදුව ඇත. ඉඩෝරයේ තරම කොතෙක්ද යත් වැව් අමුණු හිඳෙමින් බීමට ජලය නොමැති තත්වයකට මෙම ප‍්‍රදේශ පත්ව තිබේ. සමනල වැව ද සීඝ‍්‍ර හිඳීයාමේ අවදානමකට ලක්ව ඇති අතර ජලාශයට යටවුණ කිංචිගුනේ ගමෙහි වු පන්සලේ චෛත්‍යයේ නටබුන් මතුවී ඇති අයුරු ඡුායාරූපයෙන් දැක්වේ.