කිම් කර්දේෂියන් ඊශ්‍රායෙල් පලස්තීන ගැටුම ගැන අදහස් දක්වා අමාරුවේ වැටේ
ඇමරිකානු සුරූපිනියක සහ රියැලිටි TV තරුවක් වන කිම් කර්දේෂියන් ඊශ්‍රායෙල් පලස්තීන ගැටුමේ වැරදි පැත්තක් ගැනීම නිසා පීඩාවට පත් වී ඇත.
32 හැවිරිදි මෙම ගිණි පුපුර මිලියන 16 කට අධික ඇයගේ රසිකයන්ට මේ සතිය මුලදී කියා තිබුනේ ඊශ්‍රායලයේ සියළුම දෙනා වෙනුවෙන් යාඥා කරන බවයි. ඇයගේ ප‍්‍රකාශය නිසා සැහැසි වු අය මරණ තර්ජන පවා එල්ල කර ඇත. එක් ලෝලියෙකු කියා තිබුනේ මෙයින් ‘අමු අශ්ලීල නිලියක්’ ලෙස ලබා ඇති ඇයගේ ගෞරවය තවත් වැඩි කර ගත් බවයි. තවත් කෙනෙක් ‘‘නුඹේ මිනිසුන්ට සහ මුතුන් මිත්තන්ට අගෞරව නොකර හරියට ඉගෙනගනින්’’ ලෙස ප‍්‍රතිචාර දක්වා තිබුණි.
ඉන් විනාඩි 5 කට පසු ඇය පලමු Twitter ප‍්‍රකාශය ඉවත් කර තවත් එකක් යොදා තිබුනේ ඇත්තටම ඇය පලස්තීනයේ සහ ලොව පුරා සියළු දෙනා වෙනුවෙන් යාඥා කරන බවයි. මෙයින් සිදු වූයේ රසිකයන් ගේ කෝපය තවත් වැඩි වීම පමණි.
ඉවත් කරන ලද ප‍්‍රකාශයන් එකතු කරන twichy.com ට අනුව මෙම කාන්තාව ඇයගේ ප‍්‍රකාශන 2 ම මකා දමා ඇත. එක් ලෝලියෙකු කියා තිබුනේ ඇය විවාහයන් මාරු කරනවාට වැඩි ඉක්මනින් ප‍්‍රකාශ මාරු කරන බවයි.
තම ප‍්‍රකාශන වලින් ඇතැම් අයගේ හිත් රිදෙන නිසා සහ ඒවාට විරුද්ධ වන නිසා ඒවා ඉවත් කර ගත් බව කියන ඇය ඒ වෙනුවෙන් සමාවද ඉල්ලා ඇත.
තම අදහස වුනේ පීඩාවට පත් අසරණ මිනිසුන්ට ආගමික හා දේශපාලන භේද නොසලකා සහනය පැතීම බවද ඇය කියා සිටී.
- Advertisement -