Saturday , 28 November 2020

කිරි වීදුරුවට වස දමා දරුවන්ට පොවා මවත් බොයි

හාලිඇල, ශාන්ත ජේම්ස් වත්තේ විවාහක කාන්තාවක් තමන්ගේ කුඩා දරු‍ දෙදෙනාට වස පොවා ඇයද වස බී බරපතල තත්ත්වයෙන් බදුල්ල මහා රෝහලට ඇතුළත් කර ඇත. මෙම මවගේ වයස අවුරුදු 32කි. වැඩිමහල් දරුවාට වයස අවුරුදු 04ක් වන අතර කුඩා දරුවාට වයස අවුරුදු 1 ½කි. සිය සැමියා සමග හටගත් ආරවුලක් හේතුවෙන් කිරි වීදුරුවකට වස දමාදරුවන්ට පොවා මව ද වස පානය කර ඇතැයි පොලිසිය කියයි. හාලිඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...