13.5 C
London
Friday, April 25, 2025
spot_img

කිව්රියෝසිටි අඟහරුගේ ප්‍රථම ඡායාරූපය ලබාගනී

මෙම ඡායාරූපය දකින ඔබට ගැටළු දෙකක් පැනනගින බව නිසැකය.

1. ඡායාරූපය එතරම් පැහැදිලි නැති බොඳවූ ස්වභාවයක් ඇත්තේ ඇයි?

2. ඡායාරූපයේ හැඩය අස්වාභාවික ඇයි?

ඡායාරූපය බොඳවූ ස්වභාවයක් හා අස්වාභාවික හැඩයක් ගන්නේ කැමරාවේ දෝශයක් හෝ වෙනත් කරුණක් නිසා නොවේ.

MastCam ඡායාරූපය බොඳවීමට හේතුව – මෙම ඡායාරූපය රැගෙන ඇත්තේ කැමරාවේ dust cap හෙවත් දූවිලි ආවරණය ඉවත් කිරීමට පෙරයි! (පිස්සුද මන්ද?) පාරදෘෂ්‍ය ප්ලාස්ටික විශේෂයකින් තනා ඇති එය dust cap මත කිව්රියෝසිටි යානය ගොඩ බාන අවස්ථාවේ ඇවිස්සුනු දූවිලි පටලයක් මෙන බැදීම නිසා ඡායාරූපය බොඳවී ඇති ලෙසකින් ලැබී ඇති බව නාසා රෝවරයේ කැමරා විශේෂඥයින් පවසනවා. මෙම කැමරාවේ හා අනෙකුත් කැමරාවල dust cap ඉදිරි දිනවලදී ඉවත් කෙරෙන බවත්, ඉන්පසු ඉතා සුපැහැදිලි අධිවිබේධන ඡායාරූප ලැබෙනු ඇති බවත් ඔවුන් පවසනවා.

ඡායාරූපයේ අමුතු හැඩය – මෙම කැමරාව රෝවරයේ සිට මීටරයක් පමණ ඉහලට ඉස්සෙන කුඹගහක (mast) සවිකොට ඇත. දැනට මෙම කුඹගස ඉහලට ඔසවා නැති අතර එය යානය ගොඩ බසිනවිට ගබඩාකොට තිබූ ආකාරයට පහත්කොට ඇත. එවිට කැමරාව පිහිටා ඇති ආකාරයට අනුව ගත් ඡායාරූපය නිවැරදි කිරීම (එනම් අඟහරු අහස ඉහලට හා පොලව පහලට තිබෙනසේ සකස් කිරීමට) සඳහා මෙලෙස හැඩය වෙනස් කොට ඇත.

අද දිනයතුල (අගෝ 8 – කැලිෆෝනියාවේ වේලාවෙන්) කැමරා කුඹය ඉහලට ඔසවා කැමරාවල dust cap ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව කිව්රියෝසිටි කැමරා කණ්ඩායම පවසයි.මෙම කැමරා කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ශක ජේම්ස් කැමරන් ( Avatar – 2009) දත්ත විශ්ලේශකයෙකු ලෙස සිය කටයුතු කරන බව නාසා ආයතනය පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles