කුකුළු ගොවිපොළකට ගිනි තබයි

0
171

මුන්දලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුකුළු ගොවිපොළකට ඊයේ (22) රාත්‍රී කිසියම් පිරිසක් විසින් සිදුකළ ගිනි තැබීමකින් කුකුළන් 500ක් පමණ මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එහි අයිතිකරු මුන්දලම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අදාළ පැමිණිල්ලට අනුව ගිනි තැබීමෙන් රුපියල් 1,70,000.00 ක පමණ පාඩුවක් සිදුව ඇතැයි අදාළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පැවසුවේය.