කුණාටුවේ වීරයා – මිතුරාට ජැකට්ටුව දී පැය 15ක් මුහුදේ පීනා දිවි බේරාගනී June 12, 2013 Comments Off on කුණාටුවේ වීරයා – මිතුරාට ජැකට්ටුව දී පැය 15ක් මුහුදේ පීනා දිවි බේරාගනී 2 Views පසුගිය 07 වැනි දින බල පෑ අයහපත් කාලගුණය නිසා මුහුද මැද බෝට්ටුව පෙරලීමෙන් පසු බේරුවල හෙට්ටිමුල්ලේ පදිංචි තිළිණ මදුසංඛ නැමැති 24 හැවිරිදි තරුණයා පැය පහළොවක් එකදිගට මුහුදේ පිහිනා ගොඩට පැමිණ දිවි ගලවාගෙන ඇත. ‘බෝට්ටුව පෙරළුණු ගමන් මුහුද යටට ගිලී උඩට පැමිණි මම පීනන්න බැරි මගේ යාළුවට ආරක්ෂක කබාය දුන්නා. පැය පහළොවක් පමණ එකදිගට මුහුදේ පීනලා ගොඩට ආවා. තනිවම පිහිනගෙන ඇවිත් ජීවිතේ බේරාගන්න හැකිවීම සතුටක්. මම ආපසු ඉපදුණා වගේ කියා හිතෙනවා’ යයි බළපිටිය මූලික රෝහලේදී ඔහු පැවසීය. සිහිනොලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි මෙම තරුණයාට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සිහිය ලැබීමෙන් පසු තමන් මුහුණ පෑ බිහිසුණු අත්දැකීම් විස්තර කළේ මෙසේය. ‘අපේ පවුලේ මායි නංගියි විතරයි. මම විවාහකයි. මාස හයක දියණියක් ඉන්නවා. මගේ තාත්තා ධීවරයෙක්. මම අවුරුදු දහසයේදී මුහුදු යන්න පටන්ගත්තේ. සිද්ධිය වූ දවසේ හවස 4.30ට පමණ බේරුවලින් මුහුදු රස්සාවට ගියේ කළුමල්ලිගේ බෝට්ටුවෙන්. අපේ බෝට්ටුවේ මමයි මගේ යාළුවයි විතරයි හිටියේ. එයා මහියංගනේ කෙනෙක්. අපි ව්යාට කියන්නේ මහියංගන කියලා. එයාගේ නම දන්නේ නෑ. යනකොට මුහුද සාමාන්‍ය විදියට තිබුණා. රාත්‍රී 10 – 11 වනවිට සුළග තදවුණා. අපි හිටියේ සැතපුම් දහයක් දුරින් ගොඩබිමට වඩා. නැගිටගන්න බැරි තරමට සුළග තිබුණා. බෝට්ටුවේ තිබුණු වයර් පෙට්ටි ගැලවිලා සුළගේ ගියා. සුළං අඩුවෙයි කියලා බලාගෙන සිටියා. නමුත් අඩු වුණේ නැහැ. පස්සේ පාච්චි කඹය කඩාගෙන ගිහින් බෝට්ටුව පෙරළුණා. අපි දෙන්නා බෝට්ටුවේ එල්ලූනා. රැල්ලේ වේගයට අපි විසි වෙනවා. ආයෙත් අපි එල්ලෙනවා. එළි වෙනකම් එහෙම පීන පීන හිටියා එතනට වෙලා. ගෙදර අය මතක් වුණා. සි`ගිති දරුවා මතක් වුණා. බැරිම තැන යාළුවට ජැකට් එක දීලා බෝල දෙකක් ඉනේ බැදගෙන ගොඩට පීනන්න පටන් ගත්තා. රැල්ලේ සැරට විසි වෙනවා. යටයනවා ආපසු පීනනවා. පීනුවේ හරිම අමාරුවෙන්. මගේ යාළුවට පීනන්න බැහැ. ජැකට් එක යාළුවට දුන්නේ එයාට පීනන්න බැරි නිසා. එයා ජැකට් එක ඇදගත්තට පස්සේ ගොඩබිම පැත්තට පාවෙවී ගියා. මම ඒ පස්සේ පීනුවා. පීනල අමාරු වෙනකොට මම හිතුවේ මැරෙන්න වෙන්නේ මුහුදේ කියලා. මම බලන් ඉන්දැද්දි තුන් දෙනෙක් මැරුණා. හෙලිකොප්ටරයකින් හරි නාවික හමුදාවෙන් හරි ඒවි කියලා හිතුවත් ආවෙ නැහැ. මම තනිවම ගොඩට පීනුවා. සවස 430 ට පමණ ඉදුරුව කයිකාවල වෙරළට ආවා’ Share featured Latest pretty cool slider 2013-06-12 ceylonradio Share Facebook Twitter Google + Pinterest