ඇමරිකානු ඩොලර් බිලියන තුනක් වැයකර ජනතාවට ලාබෙට විදුලිය සැපයීමේ අරමුණින් ඉදිවූ කුන්ඩම්කුලම් න්‍යෂ්ඨික විදුලිබලාගාරයට එරෙහිව ඉන්දීය විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් දැවැන්ත විරෝධතාවයක නිරත විය. මෙම න්‍යාෂ්ඨික බලාගාරය ඉදිරි මාස 6 තුළදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධයෙන් විරෝධතා දක්වන්නන් පවසන්නේ ඉන් පරිසරයට විශාල හානියක් සිදු වී හැකි බවය. කෙසේවුවද මෙම විරෝධතාවයට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරවලින් එක් අයෙක් මරුමුවට පත් වී විශාල පිරිසක් තුවාල ලැබුවේ තම්ල්නාඩු මහඇමතිනිය නැතහොත් ජයලලිතා ජයරාම්ගේ නියොගයකට අනුවය. පසුව ඇය පැවසුවේ පොලිසිය වෙඩි තැබුවේ ආත්මආරක්ෂාව උදෙසා බවත් මියගිය තමිල්නාඩු ධීවරයාගේ පවුලේ අයට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදෙන බවත්ය. කුන්ඩම්කුලම් න්‍යාෂ්ඨික බලාගාරයට එරෙහිව විරෝධතා මර්ධනය කිරීමට ජයලලිතා විසින් 4000 අධික පොලිස් බලකායක් යොදවා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවයි. 2000 කට අධික පිරිසක් සම්බන්ධවූ මෙම විරෝධතාවය අවසානයේ සිදුවූයේ එක් අයෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලැබීම පමණකි.
කෙසේ වුවද මෙම න්‍යෂ්ඨික බලිගාරයේ ඉදිවීම ශ්‍රී ලංකාවට අදාළ නොවේ යැයි කිසිවෙකුට පැවසිය නොහැක. ඒ මෙම බලාගාරයේ එක් සීමාවක් සටහන් වන්නේ මන්නාරම් බොක්කෙන් වීම නිසාය. මෙම ක්‍රියාවලියේදී මන්නාරම් බොක්කේ පාරිසරික පද්ධතියට හානියක් සිදු විය හැකි යැයි න්‍යාෂ්ඨික විශේෂඥ මහාචාර්ය එලයින් හන්ටර්ද පවසා ඇත. බලාගාරයේ න්‍යෂ්ඨික ක්‍රියාවලිය සඳහා ජලය පැයකට ලීටර එක්ලක්ෂ හැටදාහක් අවශ්‍ය බවද වාර්තා වේ. එහෙත් ඉන්දීය රජය පවසන්නේ කුන්ඩන්කුම් න්‍යෂ්ඨික බලාගාරය ආරක්ෂිත බවයි. පුදුමයට කරුණ නම් මෙකී න්‍යෂ්ඨික බලාගාරය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඇරයුම් කර නොතිබීමය. මේ බලාගාරය සම්බන්ධව විරෝධතා පවත්වන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රකාශකයකු වන එස්. පී. උදය කුමාර් පවසන්නේ එකී බලාගාරයට අදාළ ප්‍රදේශයේ අධ්‍යයන වාර්ථාව මේවන තෙක් ප්‍රකාශයට පත් කර නැති බවය. එසේම මහත්මා ගාන්ධිගේ මුනුබුරු ගෝපාල් ගාන්ධි පවසන්නේ රජය මෙම බලාගාරයේ ආරක්ෂාව ගැන ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බවය. කෙසේ වෙතත් 2012 පෙබරවාරි 24 වැනිදා ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා ප්‍රකාශයක් කරමින් ඇමරිකානු හා ස්කැන්ඩිනේවියානු රාජ්‍ය නොවන සංවිධාන වලට චෝදනා කිරීම හැරෙන්නට මේ සම්බන්ධයෙන් මේ වනතෙක් වෙනත් කිසිවක් පවසා නොමැත.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...