කූඹි එක්වී ගමක් වනසති

කළු පැහැති කූඹි විශේෂයක් හේතුවෙන් නිකවැරටිය, ඇඹලගොඩයාගම ප්‍රදේශවාසීන් දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.

අදාළ කූඹි විශේෂය නිවාස මෙන්ම නිවෙස්වල ඇති උපකරණ ද විනාශ කරන බව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි.

වසර දෙකක පමණ කාලයක සිට මෙම ගැටලුවට මුහුණ දී සිටින ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇත.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිර්දේශ කළ රසායනිකයක් භාවිත කළ ද එමඟින් එම කූඹි විශේෂය පාලනය කළ නොහැකි වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ හේතුවෙන් විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දී මෙම දුෂ්කරතාව මඟහැරවීමට පියවර ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

By: අද දෙරණ

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...