කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී-පාර්ලිමේන්තු කණ්ඩායමේදී මන්ත්‍රිවරුන් යන්න කියයි රනිල් බෑ කියයි… October 9, 2013 Comments Off on කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී-පාර්ලිමේන්තු කණ්ඩායමේදී මන්ත්‍රිවරුන් යන්න කියයි රනිල් බෑ කියයි… 2 Views වහාම පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා හැකි ශක්තිමත් කණ්ඩායමකට පක්ෂය භාරදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් දැනුම් දෙනු ලැබ ඇත. පෙරේදා (07දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අදහස් දක්වා ඇති අතර එහිදී ඔවුන් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටිය යුතු බවට අදහස් දක්වා ඇත්තේ පක්ෂයේ උප සභාපති ජෝශප් මයිකල් පෙරේරා හා ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්වරුන් පමණි. මීට අමතරව ඊයේ (08දා) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීද මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී ඇත. සුජීව සේනසිංහ, රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රිවරුන් මෙසේ වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීත්, පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීත් ඒ සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් දී නොමැති පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ උත්තරීතර නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා වී ඇති බවත්, ඒ පිළිබඳ මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත් පවසා තිබේ. එහෙත් ඊට අයත් බලතල මොනවාද යන්න මන්ත්‍රි කණ්ඩායම වික්‍රමසිංහ මහතාගෙන් විමසා ඇතත් ඔහුගෙන් ඊටද ඍජු පිළිතුරු ලැබී නොමැත. Share awesome Don't Miss featured Latest pretty cool slider spotlight 2013-10-09 ceylonradio Share Facebook Twitter Google + Pinterest