කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් දරු ප්‍රසූතිය සඳහා රෝහලට ගෙන ගොස් ඇතැයි කෙන්සින්ටන් මාළිගය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඇය,බටහිර ලන්ඩනයේ පැඩින්ඩන් හි පිහිටි සාන්ත මේරි රෝහලට සිය සැමියා වන කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන විලියම් කුමරු සමග ගොස් ඇතැයි වාර්තා වේ.
මේ, කේට් හා විලියම් ගේ කුළුඳුල් දරුවා වන අතර, බ්‍රිතාන්‍ය රජ පවුලේ අළුත්ම අමුත්තා පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක් ද යන්න මේ දක්වා ඔවුන්ද නොදන්නා බව පැවසේ.
කේට් හට දරුවා ලැබීමට ඇති දිනය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත්, එම දිනය ජූලි මාසයේ මැද දිනයක් වනු ඇතැයි ප්‍රසිද්ධ මතය විය.
දින ගණනාවක් පුරාවටම ලෝකයේ විවිධ මාධ්‍ය ජාල වල මාධ්‍ය කණ්ඩායම් සාන්ත මේරි රෝහල ඉදිරිපිට සිටියේ බ්‍රිතාන්‍ය රජපවුලේ මෙම අළුත්ම අමුත්තා බලාපොරොත්තුවෙනි.
(බීබීසී ඇසුරෙනි)