සති දෙකකට පෙර මව් පදවිය ලැබුවත් තමන් තවමත් විලාසිතා මවන්නියන් අතර මුල් තැන සිටිනා බව කේට් කුමරිය යළිත් වතාවක් ඔප්පු කරලා.
ඒ අනෙක් අය උනන්දු කරවිය හැකි තරමේ වන විලාසිතා පාවිච්චි කරනා මව්වරුන් අතර මුල් තැනට පත් වෙමින්. මේ බව හෙළි වෙලා තියෙන්නේ විලාසිතා ගැන උනන්දු වන විලාසිතා වබේ අඩවියක් මගින් සිදු කළ සමීක්ෂණයකින්. මව් පදවිය ලැබිමෙන් පසු කවුරුත් දුටු කේට්ගේ පළමු විලාසිතාව වූ ඇය රෝහලෙන් පිටවන මොහොතේ හැඳ සිටි ගවුම බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබුණා. කේට් මිඩ්ල්ටන්ගේ විලාසිතා ගැන බ්‍රිතාන්‍ය ජනතාව කවදත් උනන්දු වුණු නිසා මව් පදවිය ලැබූ කේට් කුමරියගේ මේ පළමු විලාසිතාව බොහෝ අලුත් මව්වරුන් අනුගමනය කරන විලාසිතාවක් බවට පත්වී තිබෙනා බවත් විලාසිතා වබේ අඩවිය පවසනවා. මව් පදවිය ලැබිමෙන් පසුව කේට් කුමරියගේ විලාසිතා කොයි විදියට වෙනස් වේවිදැයි බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. සති දෙකක් වගේ පුංචි කාලයක් ඇතුළත කේට් කුමරියගේ මේ විලාසිතාව මේ තරම් ජනප්‍රිය වුණේ ඒ නිසා කියලා හිතන්න පුළුවන්. විලාසිතා වබේ අඩවියේ මේ විලාසිතාව ලැබූ ජනප්‍රියත්වය ගැන සඳහන් වි තිබුණේ එවැන්නක්.
රාජකීය විවාහයෙන් පසුව ගැබ් ගන්නා තෙක්ම කේට් කුමරිය අනුගමනය කළ විලාසිතා ලොව පුරාම අනුකරණය වූ අතර ගැබ් ගැනීමෙන් පසුව කේට් කුමරිය අනුගමනය කළ ගැබිනි විලාසිතා ද ලෝකය පුරා ජනප්‍රිය වුණා. කේට් කුමරිය හොඳම විලාසිතා අනුගමනය කරන මව්වරුන් අතර පළමු තැනට පත්වෙද්දී බොහෝ දෙනාගේ ආදරය දිනා ගෙන සිටින ඇමැන්ඩා හෝල්ඩන් දෙවැනි තැනටත් ඇන්ජලීනා ජොලී තෙවැනි තැනටත් පත්ව තිබෙනවා.
source: