ටයිටැනික් තාරකාව කේට් වින්ස්ලට් තම සැමියාගේ කෝටිපති මාමාගෙන් ජීවිත කාලයටම එක් වරක් පමණක් ලැබෙන ආකාරයේ මංගල ත්‍යාගයක් ලබා ඇත. එය වර්ජින් ගැලක්ටික් උපකාක්ෂික යානයෙන් අභ්‍යවකාශයට ගමන් කිරීම සඳහා ඩොලර් ලක්ෂ 2 ක් වටිනා ටිකට්පතකි. කේට් වින්ස්ලට් වෙත මෙය ලබා දී ඇත්තේ රිචඞ් බ්‍රැන්සන් විසිනි.
වර්ජින් ධනපතියාගේ බෑනා වන නෙඞ් රොක්ඇන්රෝල් සමඟ නිවුයෝර්ක් හි රහසිගත උත්සවයකින් කේට් විවාහ වූ බව ඬේලි ටෙලිග්රාෆ් වාර්තා කරයි. මෙම ධනපතියාගේ මිලියන ගණනක් වටිනා කැරිබියන් විලා නිවහනේ ඇති වූ ගින්නකට සිරවූ මව කේට් විසින් බේරා ගැනීම නිසා මෙම ත්‍යාගය ලබා දී ඇතැයිද කියවේ.
වර්ජින් ගැලක්ටික් හි අර්ධකාලීන ලෙස සේවය කල ඇයගේ අනාගත ස්වාමි පුරුෂයා වන නෙඞ් හමුවී ඇත්තේද එහිදීය. වර්ජින් යානයේ ගමන් කිරීම සඳහා පුද්ගලයන් 500ක් පමණ ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති අතර ප්‍රසිද්ධ ගගණගාමී ස්ටෙෆාන් හෝකින් ටද බ්‍රැන්සන් විසින් ටිකට්පතක් ප්රදානය කර ඇත.
දැන් මෙම යානය කැලිෆෝර්නියා ගුවන් හා අභ්‍යවකාෂ නැවතුම්පොලේ පරීක්ෂණ පියාසැරි සිදු කරන බව සන් වාර්තා කරයි.
http://youtu.be/6sZjVVh0w8Q