Wednesday , 25 November 2020

කොටකෙතන ඝාතන ඔත්තුවට ලක්ෂ දහයක් තෑගි

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ ඉකුත් මස 19 වනදා සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන්නෙකුට ත්‍යාගයක් ලෙස රුපියල් ලක්ෂ 10ක් ලබාදෙන බව පොලීසිය පවසනවා.

සිය නිවස තුළ ඝාතනය කර පුළුස්සා දමා තිබූ එල්. ඒ. ප්‍රේමවතී (63) සහ ඇගේ දියණිය වන එච්. පී. පුෂ්පකුමාරි (33) යන අයගේ ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් මේ වන විට ලබා ගැනීමට අපහසු වී ඇති හෙයින් මේ ත්‍යාග මුදල පිරිනැමීමට තීරණය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන අංක 077-3350556, 077-7425960, 011- 2422176 සහ 0112320141 යන අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය දන්වා සිටී.

තොරතුරු සපයන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලිසිය බැඳී සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...