13.5 C
London
Friday, April 25, 2025
spot_img

කොටුවේ සිට මත්තලට බස් එකක්

කොළඹ කොටුව සිට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 10 ක් ධාවනය කෙරෙන අතර එම සුඛෝපභෝගී බස් රථ සේවාවේ එක් මගියකුට ගාස්තුව රුපියල් 1175 ක් වන බව ශ්‍රී ලංගමය කියා සිටී.

මෙම බස් රථ සේවාව කොළඹ කොටුව ශ්‍රී ලංගම ප‍්‍රධාන බස් නැවතුම් පළේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල ගුවන්තොටුපළ දක්වා ධාවනය කෙරේ. එම සේවාව දිනපතා කොළඹ කොටුවෙන් පෙරවරු 05 ට ආරම්භ කෙරනු ඇත.

සෑම විනාඩි 90 කට වරක් ලංගම බස් රථයක් කොළඹ සිට මත්තල ගුවන්තොටුපළ දක්වා ධාවනය කෙරෙන අතර මත්තල සිටද පෙරවරු 05 සිට රාත‍්‍රි 09 දක්වා එම බස් සේවාව ක‍්‍රියාත්මක කෙරේ.

ඊට සමගාමීව කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ අතර දිනපතා අර්ධ සුඛෝපභෝගී සේවාවක් ක‍්‍රියාත්මක කෙරෙන අතර එහි ගාස්තුව රුපියල් 660 කි. එම සේවාව පෙරවරු 09.30 සිට රාත‍්‍රී 9.30 දක්වා ක‍්‍රියාත්මක කෙරෙන බව ලංගමය වැඩිදුරටත් කියා සිටී. මෙම සේවාව 19 වැනිදා* සිට ආරම්භ කෙරිණි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles