කොණ්ඩය නිසා මරණයට

හිසකෙස් කළු කිරීම සඳහා යොදාගන්නා ඩයි වර්ගයක් භාවිතා කිරීමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාවයක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

කහවත්ත, ඕපාත ප්‍රදේශයේ 60 හැවිරිදි වියේ පමණ පසුවූ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ පිළිබඳ සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙණරගම මහතා විසින් රත්නපුර ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරයාට දැනුම් දී ඇත.

මියගිය පුද්ගලයා භාවිත කළ ඩයි වර්ගය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...